මී ගුලට රිංගපු අය

Thursday, August 30, 2012

තනිපංගලමේ කොන්ඩේ අයන් කිරීම




ඉයේ රෑ මම ඔෆීස් එකේ ඉඳන් ගෙදර යද්දි කට්ටිය හංදිය හරියෙදි මගේ පර්සනල් මොබයිලය රින්ග් වුනා. නැලින්නම් මගේ යෙහෙලියක්. ගාල්ලේදි මීට් වෙච්ච දැන් මෙහේ බෝඩ් වෙලා ඉන්න එක්කෙනෙක්.

"ඔයා දන්නවද මේ වෙලාවට තිබිරිගස්යාය, නාරාහේන්පිට හරියේ ඇරලා තියෙන සැලෝන් එකක් ගැන? මම මේ තුම්මුල්ලේ ඉඳන් බලාගෙන එනවා. දිගටම වහලනේ."
වෙලාව 7 විතර ඇති.

"මොකටද මේ මහ රෑ හදිස්සියේ සැලෝන් එකක් හොයන්නේ?" මමත් නිකන් දැන ගැනීම පිනිස ඇහුවා.

"හෙට අපේ ෆිස් එකට **** එනවනේ. කැන්ඩියන් ඇඳලා කොන්ඩෙ උඩට කරලා බැඳලා යන්න ඕන. මම මේ කොන්ඩෙ අයන් කර ගන්න හදන්නේ."
"මගේ ගාව ස්ටීම් අයන් එකක් තියෙනවා. අයන් කරලා ඕනද?"
"එපා ඕන නෑ. මට කියන්නකෝ සැලෝන් එකක් මේ වෙලාවට කොහෙද ඇරල තියෙන්නේ කියලා"

මම දන්නේ නෑ තිබිරිගස්යාය, නාරාහේන්පිට හරියේ මේ වෙලාවට ඇරලා තියෙන සැලෝන්ස් ගැන. මම ඉතින් නුගේගොඩ, මහරගම, 7 කණුව හරියේ මේ වෙලාවට ඇරල තියෙන සලෝන්ස් ගැන කිව්වා.

"නාරාහෙන්පිට මම වෙනදට දකිනවා මේ වෙලාවට සැලෝන් එකක් ඇරල තියෙනවා. වුනාට එකේ තියෙන්නේ පිරිමි මූණක්. ඒකේ ලේඩීස් කරනවද කියලනම් දන්නේ නෑ. වජිර එකනම් මේ වෙලාවට ඇරලා. ඒත් ඒක තියෙන්නේ කිරුලපණ. මට ගෙදර යන්න වෙන්නේ රෑ 12 විතර තමයි."

"ඔයාට ඔය නාරාහේන්පිට සැලෝන් හොයන වෙලාවේ කිරුලපණ ආවනම් කොන්ඩේ අයන් කරගෙන යන්නත් තිබුනා."

"පොඩ්ඩක් ඉන්න."

වෙන කවුරුන් හෝ සමග කතා කරන හඬ ඇසේ.

"නාරාහේන්පිට සැලෝන් එකේ ලේඩීස් කරනවලු"
"කවුද කිව්වේ?"
"කවුරු හරි කිව්වනේ."
"දැන් යනවද එතනට?"
"දැන් මේ යන ගමන්."

ටික වේලාවකින්,

"මම මේ සැලෝන් එකේ ඉන්නේ. මෙතන කොල්ලෙක් ඉන්නේ."
"ගොඩක් සෙනඟ ඉන්නවද?"
"නෑ. දැන් මගේ කරන්නේ."
"කවුද ඔතන ඉන්නේ? තව කෙල්ලෝ ඉන්නවද?"
"එක අක්කා කෙනෙක් ඉන්නවා. එයත් දැන් යන්න හදන්නේ."
"එතකොට කව්ද ඉන්නේ?"
"මේ කොල්ලා විතරයි. මට බයයි. මම ඉවර වෙලා කෝල් කරන්නම්. එතකන් මාත් එක්ක ටෙක්ස්ට් කරනවඩ? ප්ලීස්"
"ඔකේ. මට ටෙක්ස්ට් කරන්නකෝ.?

"තව කොච්චර වෙලා යයිද ඕකට?"
"9වත් වෙයි ඉවර වෙනකොට."
"ගෙදර යන්නේ කොහොමද?"
"ට්රයිෂෝ එකක තමයි"

9 විතර.
"දැන් ඉවරද?"
"තව පැය භාගයක්වත් යයි. තාත්තා කතා කරලා මට බැන්නා හොඳටම. මාව කයි තාත්තා."
"කන්න ඕන තමයි. මාත් කනවා."
"ඇයි ?"
"තනි පංගලමේ කොන්ඩේ අයන් කරන්න ආවට. බෝයි ෆ්රෙන්ඩ්ට කිව්වේ නැද්ද?"
"එයාට කිව්වේ නෑ. කිව්වනම් මට බැණුම් අහන්න වෙනවනේ හොඳටම"

9.30 විතර,
"දැන් ඉවරයි."
"පේ කරාද?"
"ඔව්. මම දැන් ගෙදර යනවා. ගිහින් කෝල් කරන්නම්."

තව පැයකින් විතර,
"දැ වොෂ් දාගෙන ආවේ."
"මම වාතයක් වුනා නේද?"
" මොකද?"
"දිගටම කතා කර කර?"
"අනේ නෑ. තෑන්ක්ස් දිගටම කතා කර කර හිටියට."

හරි හුරතල් විදියට කිව්වේ. ඒත් ඉතින් අන්සතු මලක්නේ. මමත් අන්සතුයිනේ.

-----------------------------------------------------------------------------------------------------------

මදිවට මගේ හොඳම යෙහෙලිය ඊයේ උදේ බාත් රූම් එකේ ලිස්සලා වැටිලා ඔලුව වැදිලා. බහුතරයකගේ බාත් රූම් එකේ වැටුනහම ඇනෙන්නේ පස්සනේ.

මම එයාගෙන් කෝල් කරල ඇහුවා මාව මතකද කියලා. කල්පනා කරලා ඇහුවා වැද්දෙක් නේද කියලා මේ. කියන්නේ තාම මතකේ තියෙනවා.

------------------------------------------------------------------------------------------------------------

අපි තවමත් අපේමද නවල් එකේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්..