මී ගුලට රිංගපු අය

Tuesday, September 11, 2012

ලෙමන් රෝල්. ( අම්මට හුඩු..මේ සීනි නේ..! - 2 )




ක්රිස්කෝ සීනි පැකට් එකේ දෙවනි කොටස දාන්න කලින් මට මේ කතාව දාන්න හිතුනා. මේක නම් මට වෙච්ච සිද්දියක් නෙමෙයි. අපේ තාත්තා පොඩි කාලේ කරපු වැඩක්. පලවෙනි කොටස කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න.

-----------------------------------------------------------------------------------------------------------

කාලේ මාකට් එකේ තිබිලා තියෙනවා ලෙමන් රෝල්. ( දැන් තියෙන චොකලට් රෝල් වගේ. කොල පාට රෝල් එකක්. ) දැන් මේවා තියෙනවද කියලා නම් මම දන්නේ නෑ.

දවසක් තාත්තලගේ ගෙදරට අමුත්තෝ වගයක් ඇවිත් තියෙනවා ඔය ලෙමන් රෝල් එකක් අරගෙන.

ලෙමන් රෝල් එක මේසයක් උඩ තියලා කට්ටිය සතුටු සාමිච්චියේ යෙදෙන අතරේ තාත්තයි, ලොකු තාත්තයි ( කියන්නේ තාත්තාගේ දෙවනි අයියා ) දෙන්නා එකතු වෙලා ලෙමන් රෝල් එක උස්සලා.

වත්ත පිටිපස්සට අරං ගිහින් දෙන්න එක්ක ලෙමන් රෝල් එක දෙකට කපාගෙන කාල.

දැන් අහු නොවෙන්න මේක ආයෙත් තියන්න එපායැ. අමුත්තෝ තාම ගිහිල්ලත් නෑනේ.

ගේ පිටි පස්සේ තිබිලා තියෙනවා කපපු කෙහෙල් ගහක්. මේක දැකලා දෙන්නටම පහල වෙලා ටිකිරි මොලේ. කපලා අර ගෙන ලෙමන් රෝල් එක සයිස් එකේම කොටසක් කෙහෙල් ගහෙන් ( කොල පාට ) දාලා පෙට්ටිය ඇතුලට, පෙට්ටිය අලවලා තිබුන තැනම තියලා.

තාත්තලගේ මහ ගෙදර කාලේ තිබිලා තියෙනවා බිස්කට් අල්මාරිය කියලා එකක්. ගෙදරට ගේන බිස්කට්, කේක් ඔක්කොම ආච්චි මේකට දානවලු. හැමදාම හවසට එකක් කඩලා හැමෝටම දෙනවලු.

අනේ මේ මුකුත් නොදන්න ආච්චි මේ ලෙමන් රෝල් එකත් ගෙනිහින් බිස්කට් අල්මාරියට දාල. සති 2කින් විතර හවසක හැමෝටම දෙන්න කියලා ලෙමන් රෝල් එක කඩලා.

"අම්මට හුඩු, මේ මොකක්ද මේ..?"

කොහොම හරි වැඩේ මාට්ටු වෙලා තාත්තටයි, ලොකු තාත්තටයි ගුටි කන්නත් වෙලා.

එදා අපිත් බිස්කට් එකට වැඩේ දීලා ඒක ඇතුලට සීනි එක දැම්මට පස්සේ අපේ අම්මා එතනදිත් ඔය කතාව කිව්වා.

---------------------------------------------------------------------------------------------------------

අපි එදා කරපු වැඩේට චූටි ලොකු අම්මලා ‍රැවටිලාද..පද්මිනී ඇන්ටිට බැනලද..ඊළඟ පෝස්ට් එක ඉක්මනටම දාන්නම්..

---------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------

දිනූගෙයි දිනුකගෙයි ආදර අන්දරය, අපි තවමත් අපේමද - 3 දාල තියෙන්නේ.


6 comments:

  1. හිකිස්...කටට කෙලත් ආවා හැබැයි...මේ වෙලාවට ඔයින් කෑල්ලක් එක්ක තේකක් තිබබනම්මරු ඈ.........

    ReplyDelete
    Replies
    1. හොරෙන් කන වෙලාවට කොයින්ද බං තේ..?

      Delete
  2. පරම්පරාවෙන් එන දෙයක් වගේ.හිකිස්.

    ReplyDelete
  3. මේක මේ පරම්පරාවෙන් එන දෙයක්නෙ බොල! :D
    බිස්කට් අල්මාරිය! ඇහුවමයි එහෙම එකක්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. පරම්පරාවෙන් පරම්පරාවට දායාද..

      ඒවා බලන්න අපේ ගෙවල් වලම එන්න ඕන..

      Delete