මී ගුලට රිංගපු අය

Friday, September 7, 2012

අම්මට හුඩු..මේ සීනි නේ..!




ගිය සතියේ අඟහරුවාදා දවල් අපේ අම්මගෙන් කෝල් එකක් ආවා.

"පුතා, චූටි ලොකු අම්මාගේ මදර් ඉන් ලෝ නැති වෙලා. බ්රහස්පතින්දාෆියුනරල් එක. පුතා එනවද?"
"බන කවදද අම්මේ?"
"සෙනසුරාදා රෑට බන. ඉරිදා උඩේ හීල් දානේ."
"මරනෙට එන්න බෑ. මම වීක් එන්ඩ් එකේ එන්නම්."

චූටි ලොකු අම්මා කියන්නේ අපේ අම්මගේ පොඩි අක්කා. අම්මා චූටි අක්කා කියනා නිසා මමත් පොඩි කාලේ ඉඳන්ම එයාට කිව්වේ චූටි ලොකු අම්මා කියලා.

එයාගේ නැන්දම්මා ගොඩක් කල් ඉඳන් අසනීප වෙලා හිටියේ. මරනෙට යන්න විදියක් නෑ, මට ලීව් ගන්න විදියක් නෑ. සිකුරාදා අහු වෙච්ච පෝයත් අල්ලලා මොරටුවට ගිහින් කැන්ඩි ඊන්දන් එන කෝච්චියට නැග්ගා. ඒක ෆුල් පැක්, ඉස්කෝලේ නිවාඩුවේ අන්තිම වීක් එන්ඩ් එකනේ.

සෙනසුරාදා  අම්මත් එක්ක ගියා බනට. නෑදෑයෝ නිසා උදවු කරන්නත් එක්ක ටිකක් කලින් ගියා. බන පටන් ගන්නේ 7. අපි දවල් 1 වෙන කොට එහේ. ගිය ගමන් දවල්ට කෑවා. කයියක් දාන් ඉඳලා අම්මලා ගියා සැන්ඩ්විචස් හදන්න. කෑම මැනේග් කරන්න බාර වුනේ අපිට. අපි කිව්වේ අලුත් ජෙනරේෂන් එක.

7 වෙනකන් එන එන අයට අපි කෑම ඇල්ලුවා, කෝපි ඇල්ලුවා. අතරේ ෂේප් එකේ බිස්කට් එහෙම කෑවා. අපි කිව්වේ එතන මම තමයි වැඩිමල්ම. මට වඩා අවුරුද්දක් බාල කසින් සිස්ටර් කෙනෙක් ඉන්නවා. එයාගේ මල්ලී ඉන්නවා. මාමාගේ දූ ඉන්නවා, එයාගේ මල්ලී ඉන්නවා. චූටි ලොකු අම්මගේ පුතාලා දෙන්නා බලෙන්ම එතන ඉන්නවා. කොච්චර කිව්වත් යන්නේම නෑ. පුදුම දාංගලයක් තියෙන්නේ දෙන්නට නම්.

7 හාමුදුරුවෝ වැඩියා. හැමෝම බන අහන්න ගියා. අපේ සෙට් එක කාමරේම හිටියා. අපේ අම්මයි, ලොකු අම්මයි හිටියා අපිත් එක්කම. ගායිකා නැන්දත් හිටියා. ( අපේ චූටි මාමාගේ වයිෆ්. )

කට්ටිය බන අහන අතරේ අපිට වැඩ නෑ. එක එක ඒවා කන එක තමයි කරන්නේ. හම්බෙච්ච තෑගි ටිකත් එතනම තිබුනා. මම නිකමට වගේ තෑගි එකින් එක අරන් පැත්තකින් තිබ්බා. එතකොට එක බෑග් එකක තිබිලා ක්රිස්කෝ පෙට්ටියක් එලියට වැටුනා.

ඕන්න මී පැටියාට පාප කාරී අදහසක් ආවා. අදින්නාදානා. ක්රිස්කෝ එක කන්න. අනිත් අයත් ෆුල් සපෝට් වැඩේට. තව හිත හිත හිටියේ නෑ. කෑවා සෙට් එකම පෙට්ටියම. දැන් පෙට්ටිය විසි කරන්න ඕන වැඩේ මාට්ටු නොවෙන්න.

ඔන්න වෙලාවේ මී පැටියට ආවා ටිකිරි මොලේ. ගත්තා හම්බවෙලා තිවුන සීනි කිලෝ 1 පැකට් එකක්, දැම්ම බිස්කට් පෙට්ටිය ඇතුලට.

දැ වැඩිහිටියෝ වෙච්ච අපේ අම්මලා ඇතුලු බවලතුන්ගෙනුත් වැඩේට ෆුල් සප් එක හම්බ වෙනවා.

අපි ඔය පෙට්ටිය අලවමු, අයිඩියා එක අපේ අම්මගෙන්. චතුර මල්ලිව යැව්වා ගම් එකක් හොයන් එන්න. මිනිහා ගම් එක ඉල්ලලා තියෙන්නේ චූටි ලොකු අම්මගේ ලොකු පුතාගෙන්.

පෙට්ටිය ඇලෙව්වා. දැම්ම බ්රවුන් පේපර් බෑග් එකක් ඇතුලට.

"අපි ඕකේ කාගේ හරි නමක් ලියමු." අයිඩියා එක අපේ ලොකු අම්මගෙන්.

"අපි පද්මිනී ඇන්ටි කියලා ලියමු." අයිඩියා එක ලොකු අම්මගේ දුවගෙන්. ( පද්මිනී ඇන්ටි කියන්නේ ගෙවල් ගාව ඉන්න ලෝබ ගෑණු කෙනෙක්. )

මාර්කර් එකක් හොයාගෙන පද්මිනී ඇන්ටි කියලා ලස්සනට ලිව්වා. අනිත් තෑගි අස්සේ ෂේප් එකේ හැංගුවා. චූටි ලොකු අම්මගේ ලොකු පුතා සැරින් සැරේ කාමරේට ඔලුව දැම්මා මොනව හරි ඉව වැටිලා. ඒත්, අපේ රේඩාර් එකෙන් බේරිලා කොහොම හොයා ගන්නද..

බන ඉවර වුනා. ආයෙත් අපි වැඩට බැස්සා. පද්මිනී ඇන්ටිට කෑම අල්ලන හැමෝම අයේත් ඇතුලට එන්නේ බඩ අල්ලන් හිනා වෙවී. යන්තම් එද රෑනම් වැඩේ මාට්‍ටු වුනේ නෑ.

-------------------------------------------------------------------------------------------------------

ඔය පල්ලෙහායින් දාලා තියෙන්නේ අපේ ක්‍රිස්කෝ සීනී පැකට් එකේ ෆොටෝස් ටිකක්..




---------------------------------------------------------------------------------------------------------

එදා රෑ ගෙදර ඇවිත් ඊට පස්සෙන්දා උදේ ගියා දානෙට.

අපි කරපු වැඩේට චූටි ලොකු අම්මලා ‍රැවටිලාද..පද්මිනී ඇන්ටිට බැනලද..ඊළඟ පෝස්ට් එක ඉක්මනටම දාන්නම්..


6 comments:

  1. padmini aunty dakkoth nan janjaalayai ayyee ! :D

    ReplyDelete
    Replies
    1. පද්මිනී ඇන්ටි බ්ලොග් කියවන්නේ නෑනේ නගෝ..ඒක නිසා ගොඩ. :)

      Delete
  2. මූ මී පැටියෙක් නෙවෙයි ඈන්ට් ඊටර් කෙනෙක්... ඌරු මීයා. පවු බොල....

    ReplyDelete
    Replies
    1. මී පැටියාගේ වැඩිහිටියොත් සම්භන්ධයි වැඩේට. ඒකනිසා අවුලක් නෑ.

      තෑන්ක්ස් මචං කමෙන්ට් එකට..:)

      Delete
  3. අම්මලත් උදව් වුනා කිව්වා වැඩේට? හික්ස්. මම බන ගෙයක් හන්දා වැඩිය හිනා වුනේත් නෑ ඕං!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. වැඩිහිටියොන්ගෙත් උදවු ඇතුව තමයි කරේ.

      ඔව් ඉතින් බන ගෙවල් වලල්දි වැඩිය හිනා වෙන්නත් හොඳ නෑනේ..

      Delete