මී ගුලට රිංගපු අය

Showing posts with label මී පැටියා අහපු දැකපුවා. Show all posts
Showing posts with label මී පැටියා අහපු දැකපුවා. Show all posts

Sunday, November 24, 2013

කැරපොත්තා කල හදියක් 2

මෙම ලිපිය මගේ පෙර කැරපොතු ලිපිය හා බැදේ..

------------------------------------------------------------------------------------------------------------

මේ සිද්දිය වුනේ චෝගම් කාලේ.

එදා චෝගම් වලට පාර්වල් වහලා. මම රෑ 7ට විත්‍ර ඕෆ් වෙලා 174ක නැගලා බත්තරමුල්ලට ආවා 170ක් හරි 190ක් හරි ගන්න. හෝල්ට් එකේ සෙනග පිරිලා ඉන්නවා. හැබැයි සෑහෙන වෙලාඅක්න් බස් එකක් ඇවිත් නෑ, බො‍රැල්ල හන්දියේ පාර වහලා.





බස් හෝල්ට් එකේ මගේ ඉස්සරහ්ය්හින්ම වගේ හිට ගෙන හිටියා නිල් පාට ටොප් එකක් ඇද ගත්තු ගැණු ළමයෙක්. බැලූ බැල්මටනම් පෙනුනේ මේ ගැණු ළමයා ක්ලාස් ඉවර වෙලා ගෙදර ය්න්න ඉන්නවා කියලා.

ටිකකින් මට තේරුනා මගේ පිටේ එල්ලන් ඉන්න මල්ලට මොකෙක් හරි පියාඹන සතෙක් ආවා කියලා. හතර වටේම බලුව..ම්හු..හොයාගන්න නෑ.

මමත් ඉත්න් ඔහේ ඉන්නවා. ටිකකින් තේරුනා අදාල සතා ඇස පොවන මානයේ ඉන්නවා කියලා. බෑග් එක ග්ලවලා බැලින්නම් කැරපොත්තෙක්.

මම ඉතින් ගානක් නැතුවම බෑග් එත අතට අරන් ගැසුවා. කැරපොට්ත්තව විසිවේලා ගිහින් අර ගැණු ළමයා ගාව වැ‍ටුනා.

කෙල්ලට තේරුනා මොකක් හරි කකුල ගාවට වැ‍ටුනා කියලා. බැලුවා කැරපොත්තා දිහා.ආයෙත් දෙපාරක් හිතුවේ නෑ, දිව්වා බස් හෝල්ට් එකේ එහ කොනටම.


මටයි,මගේ එහා පැත්තේ හිටපු කෙල්ලටයි බඩ අල්ලගෙන හිනහයි.

මේකෙන් එන්න පුලුවන් නිගමනේ තමයි බහුතරයක් ගෑණු ළමයි කැරපොත්තන්ට අසීමිත බයක් දක්වනවා. මොකද, දැනට මාත් එක්ක නැති මගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙත් ඔය සීන් එක තිබුනා..

Tuesday, November 13, 2012

කරන්ට් වැදිලද..ලිස්සලා වැටිලද..




මේ දවස් වල වැඩ ගොඩ ගැහිලා. අස්සේ එග්සෑම් එකකුත් ලඟ ලඟම එනවා. මෙහෙම ගියොත් මී පැටියාව කට්ටියට අමතක වෙනවා. ඒකයි වෙලාවක් හම්බෙන කොටම පොඩි පෝස්ට් එකක් හරි දාන්නේ.


මේ සිද්දිය වුනේ ඊයේ. මේ දවස් වල අපේ කම්පැනි එකේ බයර් කෙනෙක් ඇවිල්ලා එංගලන්තේ ඉඳලා. කොහොම හරි අපේ මීටින් එකක් තිබුනා ඊයේ අපේ ෆැක්ටරි එකේ.

අපිත් ඉතින් උදෙන්ම ගිහින් සේරම ලෑස්ති කරා. 11 විතර බයර්ස්ලා ආවා.

එක ගෑණු කෙනෙක් ආපු හැටියම රිංගුවා බාතෲම් එකට. ( බයර්ස්ලට වෙනම බාතෲම්ස් තියෙනවා. )

ටිකකින් සාම්පල් රූම් එක පැත්තෙන් 7 දෙනෙක් විතර දුව ගෙන එනවා.
"අන්න අර ගෑණිට කරන්ට් වැදිලද කොහෙද. කෑ ගහනවා ඇහුනා."

අපි හැමෝගෙම ඇඟේ ලේ වතුර වුනා. ඇයි අප්පේ, අපේ බිල්ඩින් එකක් ඇතුලේ සුද්දියෙක්ට කරනට් වැදිලා මොනව හරි වුනොත් එහෙම චාටර් කන්න වෙන්නෙත් අපිටමනේ.

එතකොටම වගේ ෆැක්ටරි එකේ තේ හදන ඇන්ටිත් දුවන් ආවා.
"අන්න අර නෝනා ලිස්සලා වැටිලා. කෑ ගහනවා."

දැන් අපි දෙලොවක් අතර. ලිස්සල වැටිලද..කරන්ට් වැදිලද..

අපිත් ගියා බලන්න. බැලින්නම් මොකද වෙලා තියෙන්නේ.. කැරපොත්තෙක් ඇවිල්ලා. 

අපේ එකෙක් ගියා, ගත්තා කැරපොත්තව අතින්, විසි කරා එලියට.


ඊයේ වෙච්ච පොඩි සිද්දියක් දැම්මේ වෙලාව තියෙන විදියට. වෙලාවක් හම්බුන හැටියම තව පෝස්ට් එකක් දාන්නම්.

කමෙන්ට් එකක් දාලම යන්න.

ජය වේවා..!

Thursday, September 13, 2012

‍තෝ කොහෙද ඔය යන්නේ..? කෙල්ල මෙහේ නේ..!




ඊයේ රෑ චැට් එකට ගියහම පරන යාලුවෙක් ඔන්ලයින්. ඉස්කෝලේ කාලේ යාලුවෙක්.

"අඩෝ මචං.."
"කොහොමද මී පැට්ටෝ?"
"උඹලට දැන් අපිව මතකත් නෑ නේද?"
"පිස්සුද බං. ලොවෙත් අමතක වෙන්නේ නෑ."
"ගොඩක් කාලෙකින් කෝල් එකක්වත් නොදුන්න නිසා ඇහුවේ. මම බ්ලොග් එකක් ලියනවා. මෙන්න ලින්ක් එක. අපේ ආතල් කතා එහෙමත් දාන්න හිතාගේන ඉන්නේ."
"දාපන්. මමත් බලන්නම්."

මේ චැට් එකෙන් පාසේ තමයි හිතුනේ අපේ ඉස්කෝලේ කාලේ කතා දාන එක පටන් ගන්න ඕන කියලා. මම චැට් කරපු මාගේ යාලුවගේ කතාවකින්ම පටන් ගන්නම් කෝ.

කියවලා හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලම යන්නකෝ..


අපි පියෝ මැට්ස් ක්ලාස් ගියේ අජිත් ජගොඩ සර්ගේ ක්ලාස් එකට. අපි කිව්වේ අපි සෙට් එකක්ම හිටියා. එකම ඉස්කෝලේ. ( කන්ද උඩ ඉස්කෝලේ. ) ක්ලාස් වලත් එකටමයි හිටියේ.

ලෙවල් වලින් පස්සේ සෙට් එක වෙන් වුනා.
සමහරු කැම්පස්, සමහරු සෙකන්ඩ් ෂයි කරලා ඉසෙඩ් කෝ ප්රශ්නෙන් පීඩා විඳිනවා, අපි වගේ අය සිමා කරලා දැන් රස්සා කරනවා,  etc.

අජිත් ජාගොඩ සර්ගේ ක්ලාස් එකේ අපි සෙට් එක වාඩි වුනේ ඉස්සරහම. අපේ ක්ලාස් එක තිබුනේ උඩ තට්ටුවේ ලොකු හෝල් එකේ. එහා පැත්තේ හෝල් එකේ තිබුනේ බයෝ ක්ලාස් එක. ( සර්ගේ නම මතක නෑ. ) ඟං වතුරේ උඩ තට්ටුවේ ඉඳන් චූ දැම්මෙත් මේ ක්ලාස් එකේදිම තමයි.

අපේ සෙට් එකේ හිටියා කොටා කියලා එකෙක්. අපිට ස්සපේක්ෂව ගොඩක් කොටයි. කාලේ ඉඳන්ම දැවෙමින් හිටිය ප්රශ්නයක් තමයිරැවුල වැවෙන්නේ නැති එක. හැබැ හෙන බ්රයිට..

මුගේ හිත ගියපු කෙල්ලෙක් හිටියා ඔය බයෝ ක්ලාස් එකේ, බට්ටි කියලා කිව්වේ. ( අපේ බට්ටි නම් වෙන්න බෑ මයේ හිතේ.. )

දවසක් කට්ටිය කතා කර ගත්තා ක්ලාස් ඉවර වෙලා කෙල්ලගේ පස්සෙන් යන්න. ( මගදි කොල්ලෙක් හම්බ වෙනවද, මොන බස් එකේද ගෙදර යන්නේ ආදී දේවල් බලා ගන්න. )

කොටයි, මී පැටියායි, තරූ කියලා එකෙකුයි තමයි සෙට් වුනේ ෆලෝ එක දෙන්න. හැබැයි, මේ වෙනකොටත මී පැටියා කෙල්ලව ඇස් දෙකට දැකලා තිබුනේ නෑ.


ක්ලාස් එකේ අන්තිම හරිය වෙන කොට කොටාට ඉන්නම බෑ. කොහොමෙන් කොහොමෙන් හරි ක්ලාස් ඉවර වුනා. බයෝ ක්ලාස් එකත් මේත් එක්කම ඉවර වුනා. දැන් කොටා දොර ගාවට රබර් ඇහැ දාගෙන ඉන්නවා කෙල්ල එනකම්. මී පැටියා ගියා චූ පාරක් දාල එන්න.

මම එනකොට කොටා කෑ ගහනවා.
"යකෝ, කෙල්ල ගියා. ඉක්මනට යමං."

අපිත් ඉතිං නමෝ විත්තියෙන් රේල් පාරට බැස්සා. මම හඬ අවදි කරා.

"මචං, මටත් කෙල්ලව පෙන්නපන්."
"අර ඉන්නේ මචං."
කොටා මට කෙල්ලව පෙන්නුවා. මමත් ඉතින් මීටර් කර ගත්තා. අපේ කොල්ලෙක්ගේ අනාගතා බිරිඳනේ ඉතින්..

පස්සෙන්ම ගියා. කෙල්ල හැව්ලොක් ප්ලේස් එකට බැස්සා. දිගටම ගියා. බස් ස්ටෑන්ඩ් එක ගාවටම ගියා. කෙල්ල හැරුනා ස්ටේෂන් පැත්තට.

"අඩෝ මීයෝ, කොහෙදතෝ යන්නේ?"
කෑගැහුවේ කොටා.
"මම යන්නේ කෙල්ලගේ පස්සෙන්."
"ඉතින් ඔය කොහෙද යන්නේ? කෙල්ල මෙහේනේ." ලියන ගමන් ගාමිනී මාවත දිහාව පෙන්නුවා.

හුටා, මම මෙච්චර වෙලා මීටර් කරන් ඇවිත් තියෙන්නේ වෙන කෙල්ලෙක්ව. මොනවා කරන්නද, ඊළඟ දවසේ මම ක්ලාස් යන කොට ක්ලාස් එක කොල්ලොන්ගෙන් 50% විතර සීන් එක දන්නවා.

------------------------------------------------------------------------------------------------------

අදට මෙච්චරයි. තව කතා තියෙනවා. ඉක්මනටම දාන්නම්..