මී ගුලට රිංගපු අය

Sunday, November 24, 2013

කැරපොත්තා කල හදියක් 2

මෙම ලිපිය මගේ පෙර කැරපොතු ලිපිය හා බැදේ..

------------------------------------------------------------------------------------------------------------

මේ සිද්දිය වුනේ චෝගම් කාලේ.

එදා චෝගම් වලට පාර්වල් වහලා. මම රෑ 7ට විත්‍ර ඕෆ් වෙලා 174ක නැගලා බත්තරමුල්ලට ආවා 170ක් හරි 190ක් හරි ගන්න. හෝල්ට් එකේ සෙනග පිරිලා ඉන්නවා. හැබැයි සෑහෙන වෙලාඅක්න් බස් එකක් ඇවිත් නෑ, බො‍රැල්ල හන්දියේ පාර වහලා.





බස් හෝල්ට් එකේ මගේ ඉස්සරහ්ය්හින්ම වගේ හිට ගෙන හිටියා නිල් පාට ටොප් එකක් ඇද ගත්තු ගැණු ළමයෙක්. බැලූ බැල්මටනම් පෙනුනේ මේ ගැණු ළමයා ක්ලාස් ඉවර වෙලා ගෙදර ය්න්න ඉන්නවා කියලා.

ටිකකින් මට තේරුනා මගේ පිටේ එල්ලන් ඉන්න මල්ලට මොකෙක් හරි පියාඹන සතෙක් ආවා කියලා. හතර වටේම බලුව..ම්හු..හොයාගන්න නෑ.

මමත් ඉත්න් ඔහේ ඉන්නවා. ටිකකින් තේරුනා අදාල සතා ඇස පොවන මානයේ ඉන්නවා කියලා. බෑග් එක ග්ලවලා බැලින්නම් කැරපොත්තෙක්.

මම ඉතින් ගානක් නැතුවම බෑග් එත අතට අරන් ගැසුවා. කැරපොට්ත්තව විසිවේලා ගිහින් අර ගැණු ළමයා ගාව වැ‍ටුනා.

කෙල්ලට තේරුනා මොකක් හරි කකුල ගාවට වැ‍ටුනා කියලා. බැලුවා කැරපොත්තා දිහා.ආයෙත් දෙපාරක් හිතුවේ නෑ, දිව්වා බස් හෝල්ට් එකේ එහ කොනටම.


මටයි,මගේ එහා පැත්තේ හිටපු කෙල්ලටයි බඩ අල්ලගෙන හිනහයි.

මේකෙන් එන්න පුලුවන් නිගමනේ තමයි බහුතරයක් ගෑණු ළමයි කැරපොත්තන්ට අසීමිත බයක් දක්වනවා. මොකද, දැනට මාත් එක්ක නැති මගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙත් ඔය සීන් එක තිබුනා..

13 comments:

  1. අදමයි ආවෙ.පිරිමි ගැනුන්ට බයයි,ගැනු කැරපොත්තන්ට බයයි,එතකොට බලද්දි පිරිමි කැරපොත්තන්ට බයයි

    ReplyDelete
    Replies
    1. සිරා සමීකරනේ.

      තෑන්ක්ස් මේ පැත්තේ ආවට. ඩිගටම එන්න.

      ජය වේවා..!

      Delete
  2. Maru scene eka. Oya dennath ekka tava kee denek ea kellata hina venna athida. Hayyo :O

    ReplyDelete
    Replies
    1. සීන් එක තව කවුරු දැක්කද කියලනම් මීටර් නෑ මචං. තෑන්ක්ස් කමෙන්ට් එකට.

      ජය වේවා..!

      Delete
  3. හානේ පවු අප්පා..ගෑල්ලමයට තිබුනෙ කැරපොත්තව පාගල මරන්න..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ලොවෙත් වෙන එකක් නෑ..

      Delete
  4. පව් අනේ ඒ ගෑනු ලමයා.ඔයාට තිබුනේ ඒකව එලවලා එතන එයාගේ හිත දිනාගන්න එකනෙ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඒකටත් ගෑණු ළමයා දුවන්නේ නැතුව එතන ඉන්න එපායෑ..

      Delete
  5. SHOAK KATHA PODDA NEDA

    ReplyDelete
  6. හපොයි මාත් උන්ට හරි බයයි. බය වෙන්න කාරනාවකුත් නෑ ඒත් බයයි. දැං ටිකක් හොදයි. ඉස්සර පාඩං කරද්දි ඔන්න හිටි ගමන් එකෙක් පියාඔනවා උන් තමා එපාම කරපු එවුන් ඉතින් පුටු උඩත් නගිනවා. මී පැටියා උන් අල්ලන් කන්නවත් පුරුදු වුනොත් හොදයි.

    ReplyDelete
    Replies
    1. මී පැටියා උන්ව කන්නේ නෑ. උන්ට මෝටීන් නම් ගහනවා.

      තෑන්ක්ස් කමෙන්ට් එකට.

      Delete
  7. කෙල්ලෝ බය ඕකුන්ට විතරමනේ බන් ආහ මීයන්ටත් බයයිලු

    ReplyDelete