මී ගුලට රිංගපු අය

Showing posts with label මී පැටියා කරපු කියපුවා. Show all posts
Showing posts with label මී පැටියා කරපු කියපුවා. Show all posts

Sunday, November 24, 2013

කැරපොත්තා කල හදියක් 2

මෙම ලිපිය මගේ පෙර කැරපොතු ලිපිය හා බැදේ..

------------------------------------------------------------------------------------------------------------

මේ සිද්දිය වුනේ චෝගම් කාලේ.

එදා චෝගම් වලට පාර්වල් වහලා. මම රෑ 7ට විත්‍ර ඕෆ් වෙලා 174ක නැගලා බත්තරමුල්ලට ආවා 170ක් හරි 190ක් හරි ගන්න. හෝල්ට් එකේ සෙනග පිරිලා ඉන්නවා. හැබැයි සෑහෙන වෙලාඅක්න් බස් එකක් ඇවිත් නෑ, බො‍රැල්ල හන්දියේ පාර වහලා.





බස් හෝල්ට් එකේ මගේ ඉස්සරහ්ය්හින්ම වගේ හිට ගෙන හිටියා නිල් පාට ටොප් එකක් ඇද ගත්තු ගැණු ළමයෙක්. බැලූ බැල්මටනම් පෙනුනේ මේ ගැණු ළමයා ක්ලාස් ඉවර වෙලා ගෙදර ය්න්න ඉන්නවා කියලා.

ටිකකින් මට තේරුනා මගේ පිටේ එල්ලන් ඉන්න මල්ලට මොකෙක් හරි පියාඹන සතෙක් ආවා කියලා. හතර වටේම බලුව..ම්හු..හොයාගන්න නෑ.

මමත් ඉත්න් ඔහේ ඉන්නවා. ටිකකින් තේරුනා අදාල සතා ඇස පොවන මානයේ ඉන්නවා කියලා. බෑග් එක ග්ලවලා බැලින්නම් කැරපොත්තෙක්.

මම ඉතින් ගානක් නැතුවම බෑග් එත අතට අරන් ගැසුවා. කැරපොට්ත්තව විසිවේලා ගිහින් අර ගැණු ළමයා ගාව වැ‍ටුනා.

කෙල්ලට තේරුනා මොකක් හරි කකුල ගාවට වැ‍ටුනා කියලා. බැලුවා කැරපොත්තා දිහා.ආයෙත් දෙපාරක් හිතුවේ නෑ, දිව්වා බස් හෝල්ට් එකේ එහ කොනටම.


මටයි,මගේ එහා පැත්තේ හිටපු කෙල්ලටයි බඩ අල්ලගෙන හිනහයි.

මේකෙන් එන්න පුලුවන් නිගමනේ තමයි බහුතරයක් ගෑණු ළමයි කැරපොත්තන්ට අසීමිත බයක් දක්වනවා. මොකද, දැනට මාත් එක්ක නැති මගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙත් ඔය සීන් එක තිබුනා..

Tuesday, November 6, 2012

අම්මට හුඩු..මේ සීනි නේ..3 (සුදු නංගී, දන්නවද වැඩක්?)


කාලෙකින් තමා මේ පෝස්ට් එකක් දාන්නවත් මේ පැත්තේ ආවේ. මේ දවස් වල බ්ලොග්ස් කියවන්නවත් වෙලාවක් නෑ. වැඩත් පිරිලා, එග්සෑම් එකකුත් ලඟ ළඟම එනවා. පිස්සු වගේ මේ දවස් වල.

දැන් කට්ටියට මී පැටියව අමතක වෙලාද දන්නේත් නෑ. මේ ක්රිස්කෝ සීනි පැකට් එකේ මුල් ටිකත් කට්ටියට අමතකද දන්නේ නෑ. අමතකනම් ගිහින් කියවලම එන්නකෝ..





ඊළඟ දවසේ උදේ හීල් දානේ. මම උදේ පාන්දරම නැගිට්ටා ක්ලාස් යන්න කියලා. වීක් එන්ඩ් නිසා සිකුරාදා ඕෆ් වෙලා ගෙදර ආවා. ඉරිදා උදේම කොළඹ එන්න ඕන ක්ලාස් වලට.

කොළඹ යන්න ඕන නිසා උදේ 2 නැගිටලා ලෑස්ති වුනා. ක්ලාස් යන්න කම්මැලී. අම්මලත් එක්කම උදේ පාන්දරම ගියා දානේ ගෙදර.

ගිහින් බැලින්නම් අපි තමයි මුලින්ම ගිහින් තියෙන්නේ. ගිය හැටියම කාමරේට ගිහින් බැලුවා අපේ සීනි පැකට් එකේ තත්වේ.

සීනි පැකට් එක කඩලා එතනම දාල තිබුනා. කියන්නේ වැඩේ අහු වෙලා.

ටිකකින් ලොකු අම්මා ආවා. එයත් ආව හැටියම ගියේ කාමරේට, සීනි පැකට් එක බලන්න.

කට්ටිය දානේ ඉව්වා. අරං ගියා පන්සලට. ආයෙත් ආවා. උදේට කෑවා. සීනි එක ගැන කතාවක්වත් නෑ.

දැන් තමයි උච්චතම වෙලාව. හම්බ වෙලා තියෙන තෑගි වැඩී කියලා ආපු නෑදෑයොන්ට තෑගි බෙදන වෙලාව. ප්ලෑන් කරලා අපේ සීනි පැකට් එක අපිටම දාල දෙයිද දන්නේ නෑනේ. වැඩේට සෙට් වුන හැමෝම තමංගේ පාර්සලේ අරං ආපු හැටියම බැලුවේ මොනව්ද ඇතුලෙ තියෙන්නේ කියලා.

ටිකකින් අපේ චූටි ලොකු අම්මා සාලෙට ආවා. එයා අපේ අම්මට කියන්නේ සුදු නංගි කියලා.

"සුදු නංගි දන්නව්ද වැඩක්? පද්මිනී ඇන්ටි කිලෝ 1 සීනි පැකට් එකක් ක්රිස්කෝ පැකට් එකක් ඇතුලේ දාල තව ලැජ්ජ නැතුව බෑග් එකේ පද්මිනී ඇන්ටි කියලත් ලියලා තියලා ගිහින්නේ."



බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ඇසුනු දේ නිසා අපි හැමෝම හොල්මන් වෙලා ගියා. කියන්නේ වැඩේ සීරියස් අරන්ද..!

"කොහෙද තියලා ගිහින් තියෙන්නේ?"
ප්රශ්නේ අපේ අම්මගෙන්.

"අර තෑගි ගොඩේමයි තිබුනේ."

"සවුත්තුවට වෙන්න ඇති කරන්න ඇත්තේ නේද"
අපේ ලොකු අම්මගේ නිගමනයක්.

"දන්නේ නෑ ඉතින්. පිස්සු ගෑනිනේ කොහොමත්."

කතාව ඔහොම ඔහොම ඇදිලා ගියා.

ටිකකින් ලොකු අම්ම කියනවා,
"හැබැයි අපේ ළමයි ටිකත් ඔය කාමරේ හිටියා. කට්ටියගේ කටවලුත් හෙල්ලුනා.."

පුදුමයට පත් වෙච්ච චූටි ලොකු අම්මගේ කට ඉබේම ඇරුනා.



" කියන්න ඔයාල ටිකද මේක කරේ?"

කට්ටිය කතා නෑ. හිනා වෙනවා විතරයි.

පස්සේ ලොකු අම්ම කිව්වා ඇත්ත කතාව කිව්වේ පස්සේ වෙලාවක පද්මිනී ඇන්ටි හම්බවෙලා බනී කියලා හිතලලු.


අපි තවමත් අපේමද කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්.

මී පැටියාව අමතක කරන්න එපා..

ජය වේවා..!