මී ගුලට රිංගපු අය

Tuesday, November 13, 2012

කරන්ට් වැදිලද..ලිස්සලා වැටිලද..




මේ දවස් වල වැඩ ගොඩ ගැහිලා. අස්සේ එග්සෑම් එකකුත් ලඟ ලඟම එනවා. මෙහෙම ගියොත් මී පැටියාව කට්ටියට අමතක වෙනවා. ඒකයි වෙලාවක් හම්බෙන කොටම පොඩි පෝස්ට් එකක් හරි දාන්නේ.


මේ සිද්දිය වුනේ ඊයේ. මේ දවස් වල අපේ කම්පැනි එකේ බයර් කෙනෙක් ඇවිල්ලා එංගලන්තේ ඉඳලා. කොහොම හරි අපේ මීටින් එකක් තිබුනා ඊයේ අපේ ෆැක්ටරි එකේ.

අපිත් ඉතින් උදෙන්ම ගිහින් සේරම ලෑස්ති කරා. 11 විතර බයර්ස්ලා ආවා.

එක ගෑණු කෙනෙක් ආපු හැටියම රිංගුවා බාතෲම් එකට. ( බයර්ස්ලට වෙනම බාතෲම්ස් තියෙනවා. )

ටිකකින් සාම්පල් රූම් එක පැත්තෙන් 7 දෙනෙක් විතර දුව ගෙන එනවා.
"අන්න අර ගෑණිට කරන්ට් වැදිලද කොහෙද. කෑ ගහනවා ඇහුනා."

අපි හැමෝගෙම ඇඟේ ලේ වතුර වුනා. ඇයි අප්පේ, අපේ බිල්ඩින් එකක් ඇතුලේ සුද්දියෙක්ට කරනට් වැදිලා මොනව හරි වුනොත් එහෙම චාටර් කන්න වෙන්නෙත් අපිටමනේ.

එතකොටම වගේ ෆැක්ටරි එකේ තේ හදන ඇන්ටිත් දුවන් ආවා.
"අන්න අර නෝනා ලිස්සලා වැටිලා. කෑ ගහනවා."

දැන් අපි දෙලොවක් අතර. ලිස්සල වැටිලද..කරන්ට් වැදිලද..

අපිත් ගියා බලන්න. බැලින්නම් මොකද වෙලා තියෙන්නේ.. කැරපොත්තෙක් ඇවිල්ලා. 

අපේ එකෙක් ගියා, ගත්තා කැරපොත්තව අතින්, විසි කරා එලියට.


ඊයේ වෙච්ච පොඩි සිද්දියක් දැම්මේ වෙලාව තියෙන විදියට. වෙලාවක් හම්බුන හැටියම තව පෝස්ට් එකක් දාන්නම්.

කමෙන්ට් එකක් දාලම යන්න.

ජය වේවා..!

7 comments:

  1. කැරපොත්තා කල හදියක්?

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

    මට අමරදේව කොත්තුවක් දෙන්න

    ReplyDelete
    Replies
    1. මචන්,

      තව කැරපොතු සීන් එකක් දැම්මා.

      http://meepatiya.blogspot.com/2013/11/2.html

      Delete
  2. ඔව් බං. සමහර මිනිස්සු කැරපොත්තන්ට අසීමිත අහේතුක බියක් දක්වනවා. මම උනත් එච්චර කැමති සතෙක් නෙවෙයි. නමුත් මූ අපිට වඩා කාලයක් මේ පොලෙවෙ ඉඳලාතියෙන ආදි වාසියෙක්ලු.

    උඹ ආපහු දකින්න ලැබුන එක නම් ලොකු දෙයක්. ඉඩ ලැබෙන වෙලාවට ලියාපං.

    කැරපොත්තෙක් කරපු පට්ටම සීන් එකක් මම ලිව්වා ගිහින් බලාපං. මෙන්න ලින්ක් එක.

    කැරපොත්තා / Cockroach 1

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මටත් හෙන්රියගේ ස්ටෝරිය මතක් වුනේ..

      Delete
  3. කැරපොත්තා භයංකර සත්ත්වයෙකි. :)

    ReplyDelete
  4. සමහරුන් බය එක එක සත්තු වර්ග ඉන්නවා. මම බය(මත් නැහැ) අප්පිරියම සතා මකුළුවා. වෙන එවුන් ගේමක් නැහැ.

    ReplyDelete