මී ගුලට රිංගපු අය

Tuesday, September 25, 2012

මී පැටියා අලුත් වෙලා..!




සමා වෙන්න ඕනා කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුනාට. මේ දවස් වල මී පැටියට ඔලුව උස්ස බැරි තරමට වැඩ.

මම මේ පෝස්ට් එකනම් දාන්නේ ටෙස්ට් එකක් විදියට. ඩූඩ්, රෙඩ් රයිඩින් හුඩ් සහ චන්දන  තුන් දෙනා කියල තිබුනා මගේ පෝස්ට්ස් බ්ලොග් රෝල් වල උප්ඩේට් වෙන්නේ නෑ කියලා. චන්දන තව කියල තිබුනා මේක ටෙම්ප්ලේට් වල අවුලක් කියලා.

මම ඉතින් මගේ පෙනුම වෙනස් කරා. මේක උප්ඩේට් වුනාද කියලා මට කියන්න කියලා ඉල්ලා සිටිනවා.

මී පැටියාගේ අලුත් පෙනුම හොඳයිද කියලත් කියන්න.


මී පැටියා ඇතුලු නෑදෑ පියවර දීපු ගේම, ක්රිස්කෝ සීනි පැකට් එක, අපි තවමත් අපේමද ඉතුරු කොටස් ඉක්මනටම දාන්නම්.

මී පැටිය ඇතුලු ස්ටාෆ් එක මඩකලපුවේ ට්රිප් එකක් ගියා. එකේ විස්තරත් දාන්න ඕන. මුලින්ම මේ අවුල විසඳගෙන ඉන්න එපායැ.


මේක බ්ලොග් රෝල් එකේ අප්ඩේට් නොවුනොත් මට කියන්න.

ජය වේවා..!

Thursday, September 13, 2012

‍තෝ කොහෙද ඔය යන්නේ..? කෙල්ල මෙහේ නේ..!




ඊයේ රෑ චැට් එකට ගියහම පරන යාලුවෙක් ඔන්ලයින්. ඉස්කෝලේ කාලේ යාලුවෙක්.

"අඩෝ මචං.."
"කොහොමද මී පැට්ටෝ?"
"උඹලට දැන් අපිව මතකත් නෑ නේද?"
"පිස්සුද බං. ලොවෙත් අමතක වෙන්නේ නෑ."
"ගොඩක් කාලෙකින් කෝල් එකක්වත් නොදුන්න නිසා ඇහුවේ. මම බ්ලොග් එකක් ලියනවා. මෙන්න ලින්ක් එක. අපේ ආතල් කතා එහෙමත් දාන්න හිතාගේන ඉන්නේ."
"දාපන්. මමත් බලන්නම්."

මේ චැට් එකෙන් පාසේ තමයි හිතුනේ අපේ ඉස්කෝලේ කාලේ කතා දාන එක පටන් ගන්න ඕන කියලා. මම චැට් කරපු මාගේ යාලුවගේ කතාවකින්ම පටන් ගන්නම් කෝ.

කියවලා හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලම යන්නකෝ..


අපි පියෝ මැට්ස් ක්ලාස් ගියේ අජිත් ජගොඩ සර්ගේ ක්ලාස් එකට. අපි කිව්වේ අපි සෙට් එකක්ම හිටියා. එකම ඉස්කෝලේ. ( කන්ද උඩ ඉස්කෝලේ. ) ක්ලාස් වලත් එකටමයි හිටියේ.

ලෙවල් වලින් පස්සේ සෙට් එක වෙන් වුනා.
සමහරු කැම්පස්, සමහරු සෙකන්ඩ් ෂයි කරලා ඉසෙඩ් කෝ ප්රශ්නෙන් පීඩා විඳිනවා, අපි වගේ අය සිමා කරලා දැන් රස්සා කරනවා,  etc.

අජිත් ජාගොඩ සර්ගේ ක්ලාස් එකේ අපි සෙට් එක වාඩි වුනේ ඉස්සරහම. අපේ ක්ලාස් එක තිබුනේ උඩ තට්ටුවේ ලොකු හෝල් එකේ. එහා පැත්තේ හෝල් එකේ තිබුනේ බයෝ ක්ලාස් එක. ( සර්ගේ නම මතක නෑ. ) ඟං වතුරේ උඩ තට්ටුවේ ඉඳන් චූ දැම්මෙත් මේ ක්ලාස් එකේදිම තමයි.

අපේ සෙට් එකේ හිටියා කොටා කියලා එකෙක්. අපිට ස්සපේක්ෂව ගොඩක් කොටයි. කාලේ ඉඳන්ම දැවෙමින් හිටිය ප්රශ්නයක් තමයිරැවුල වැවෙන්නේ නැති එක. හැබැ හෙන බ්රයිට..

මුගේ හිත ගියපු කෙල්ලෙක් හිටියා ඔය බයෝ ක්ලාස් එකේ, බට්ටි කියලා කිව්වේ. ( අපේ බට්ටි නම් වෙන්න බෑ මයේ හිතේ.. )

දවසක් කට්ටිය කතා කර ගත්තා ක්ලාස් ඉවර වෙලා කෙල්ලගේ පස්සෙන් යන්න. ( මගදි කොල්ලෙක් හම්බ වෙනවද, මොන බස් එකේද ගෙදර යන්නේ ආදී දේවල් බලා ගන්න. )

කොටයි, මී පැටියායි, තරූ කියලා එකෙකුයි තමයි සෙට් වුනේ ෆලෝ එක දෙන්න. හැබැයි, මේ වෙනකොටත මී පැටියා කෙල්ලව ඇස් දෙකට දැකලා තිබුනේ නෑ.


ක්ලාස් එකේ අන්තිම හරිය වෙන කොට කොටාට ඉන්නම බෑ. කොහොමෙන් කොහොමෙන් හරි ක්ලාස් ඉවර වුනා. බයෝ ක්ලාස් එකත් මේත් එක්කම ඉවර වුනා. දැන් කොටා දොර ගාවට රබර් ඇහැ දාගෙන ඉන්නවා කෙල්ල එනකම්. මී පැටියා ගියා චූ පාරක් දාල එන්න.

මම එනකොට කොටා කෑ ගහනවා.
"යකෝ, කෙල්ල ගියා. ඉක්මනට යමං."

අපිත් ඉතිං නමෝ විත්තියෙන් රේල් පාරට බැස්සා. මම හඬ අවදි කරා.

"මචං, මටත් කෙල්ලව පෙන්නපන්."
"අර ඉන්නේ මචං."
කොටා මට කෙල්ලව පෙන්නුවා. මමත් ඉතින් මීටර් කර ගත්තා. අපේ කොල්ලෙක්ගේ අනාගතා බිරිඳනේ ඉතින්..

පස්සෙන්ම ගියා. කෙල්ල හැව්ලොක් ප්ලේස් එකට බැස්සා. දිගටම ගියා. බස් ස්ටෑන්ඩ් එක ගාවටම ගියා. කෙල්ල හැරුනා ස්ටේෂන් පැත්තට.

"අඩෝ මීයෝ, කොහෙදතෝ යන්නේ?"
කෑගැහුවේ කොටා.
"මම යන්නේ කෙල්ලගේ පස්සෙන්."
"ඉතින් ඔය කොහෙද යන්නේ? කෙල්ල මෙහේනේ." ලියන ගමන් ගාමිනී මාවත දිහාව පෙන්නුවා.

හුටා, මම මෙච්චර වෙලා මීටර් කරන් ඇවිත් තියෙන්නේ වෙන කෙල්ලෙක්ව. මොනවා කරන්නද, ඊළඟ දවසේ මම ක්ලාස් යන කොට ක්ලාස් එක කොල්ලොන්ගෙන් 50% විතර සීන් එක දන්නවා.

------------------------------------------------------------------------------------------------------

අදට මෙච්චරයි. තව කතා තියෙනවා. ඉක්මනටම දාන්නම්..