කාලෙකින් තමා මේ පෝස්ට් එකක් දාන්නවත් මේ පැත්තේ ආවේ. මේ දවස් වල බ්ලොග්ස් කියවන්නවත් වෙලාවක් නෑ. වැඩත් පිරිලා,
එග්සෑම් එකකුත් ලඟ ළඟම එනවා. පිස්සු වගේ මේ දවස් වල.
දැන් කට්ටියට මී පැටියව අමතක වෙලාද දන්නේත් නෑ. මේ ක්රිස්කෝ සීනි පැකට් එකේ මුල් ටිකත් කට්ටියට අමතකද දන්නේ නෑ. අමතකනම් ගිහින් කියවලම එන්නකෝ..
ඊළඟ දවසේ උදේ හීල් දානේ. මම උදේ පාන්දරම නැගිට්ටා ක්ලාස් යන්න කියලා. වීක් එන්ඩ් නිසා සිකුරාදා ඕෆ් වෙලා ගෙදර ආවා. ඉරිදා උදේම කොළඹ එන්න ඕන ක්ලාස් වලට.
කොළඹ යන්න ඕන නිසා උදේ 2ට නැගිටලා ලෑස්ති වුනා. ක්ලාස් යන්න කම්මැලී. අම්මලත් එක්කම උදේ පාන්දරම ගියා දානේ ගෙදර.
ගිහින් බැලින්නම් අපි තමයි මුලින්ම ගිහින් තියෙන්නේ. ගිය හැටියම කාමරේට ගිහින් බැලුවා අපේ සීනි පැකට් එකේ තත්වේ.
සීනි පැකට් එක කඩලා එතනම දාල තිබුනා. ඒ කියන්නේ වැඩේ අහු වෙලා.
ටිකකින් ලොකු අම්මා ආවා. එයත් ආව හැටියම ගියේ කාමරේට,
සීනි පැකට් එක බලන්න.
කට්ටිය දානේ ඉව්වා. අරං ගියා පන්සලට. ආයෙත් ආවා. උදේට කෑවා. සීනි එක ගැන කතාවක්වත් නෑ.
දැන් තමයි උච්චතම වෙලාව. හම්බ වෙලා තියෙන තෑගි වැඩී කියලා ආපු නෑදෑයොන්ට තෑගි බෙදන වෙලාව. ප්ලෑන් කරලා අපේ සීනි පැකට් එක අපිටම දාල දෙයිද දන්නේ නෑනේ. වැඩේට සෙට් වුන හැමෝම තමංගේ පාර්සලේ අරං ආපු හැටියම බැලුවේ මොනව්ද ඇතුලෙ තියෙන්නේ කියලා.
ටිකකින් අපේ චූටි ලොකු අම්මා සාලෙට ආවා. එයා අපේ අම්මට කියන්නේ සුදු නංගි කියලා.
"සුදු නංගි දන්නව්ද වැඩක්?
පද්මිනී ඇන්ටි කිලෝ 1 සීනි පැකට් එකක් ක්රිස්කෝ පැකට් එකක් ඇතුලේ දාල තව ලැජ්ජ නැතුව බෑග් එකේ පද්මිනී ඇන්ටි කියලත් ලියලා තියලා ගිහින්නේ."
බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ඇසුනු දේ නිසා අපි හැමෝම හොල්මන් වෙලා ගියා. ඒ කියන්නේ වැඩේ සීරියස් අරන්ද..!
"කොහෙද තියලා ගිහින් තියෙන්නේ?"
ඒ ප්රශ්නේ අපේ අම්මගෙන්.
"අර තෑගි ගොඩේමයි තිබුනේ."
"සවුත්තුවට වෙන්න ඇති කරන්න ඇත්තේ නේද"
අපේ ලොකු අම්මගේ නිගමනයක්.
"දන්නේ නෑ ඉතින්. පිස්සු ගෑනිනේ කොහොමත්."
කතාව ඔහොම ඔහොම ඇදිලා ගියා.
ටිකකින් ලොකු අම්ම කියනවා,
"හැබැයි අපේ ළමයි ටිකත් ඔය කාමරේ හිටියා. කට්ටියගේ කටවලුත් හෙල්ලුනා.."
පුදුමයට පත් වෙච්ච චූටි ලොකු අම්මගේ කට ඉබේම ඇරුනා.
"ඒ කියන්න ඔයාල ටිකද මේක කරේ?"
කට්ටිය කතා නෑ. හිනා වෙනවා විතරයි.
පස්සේ ලොකු අම්ම කිව්වා ඇත්ත කතාව කිව්වේ පස්සේ වෙලාවක පද්මිනී ඇන්ටි හම්බවෙලා බනී කියලා හිතලලු.
අපි තවමත් අපේමද කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්.
මී පැටියාව අමතක කරන්න එපා..
ජය වේවා..!
නූලෙන් බේරිලා තියෙන්නෙ! (මං කිව්වෙ පද්මිනී ඇන්ටි)
ReplyDeleteඒකනම් ඇත්ත මචං. තෑන්ක්ස් කමෙන්ට් එකට..
Deleteඋඹලා ඒක පිළිගත්ත එක හොඳයි නැතිනම් අර වැරදි වැටහීම දුරදිග යනවා.
ReplyDeleteලොකු දෙයක් මී පැටියා ආපහු ආ එක.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒක ඇත්ත මචං. කාලෙකින් අවේ මේ පැත්තේ.
Delete