මී ගුලට රිංගපු අය

Friday, August 24, 2012

වැස්ස දවස් නේ..චූ බර වැඩී..!


අදත් වැස්ස දවසක්නේ. ඒකයි මේ පෝස්ට් එකම දාන්න හිතුනේ.

අනිත් අයටත් එහෙමද මම දන්නේ නෑ. මී පැටියටනම් වැස්ස දවස් වලට චූ බර වැඩී. සීතලයි නේ. ඔෆීස් එකට ඇවිත් ඒසී එකේ ඉන්න කොට ඒ ගතිය තවත් වැඩී.

අද තව අවුලක්.
දෙහිවල හන්දියෙන් බස් එකෙන් බැහැල තියෙන වතුර වලකට. සපත්තු ඇතුලෙ වතුර. ඒක නිසා සපත්තු දෙකයි, මේස් දෙකයි වෙන වෙනම වේලෙන්න දැම්මා. මගේ ටේබල් එක ගාවම බිම දැම්මේ. (තාම ගඳ අවේ නෑ)

එක නිසා චූ බර වෙන හැම පාරම එහා ටේබල් එකේ ඉන්න ගැහැණු දරුවගේ සෙරෙප්පු දෙක ඉල්ලගෙන තමයි වොෂ් රූම් යන්නේ. (කෙල්ලෝ විතරක් ඉන්න, ඉන්න එකම කොල්ලා මම වෙන අපේ සෙක්ෂන් එකේ අනිත් හැම කෙල්ලෙක්ම දාන් එන්නේ හයි හීල්ස්. එහා ටේබල් එකේ ඉන්න දැරිවි ප්‍රෙග්නන්ට් නිසා ෆ්ලැට් දාන්නේ.)

බද්දෙවිතාන සර්ගේ ක්ලාස් එකේ චූ පෝලිම මතක් වෙන්නේ මේ වෙලාවට තමයි.

අපිට බද්දේවිතාන සර්ගේ ක්ලාස් තිබුනේ ඉරිදා උදේ. මහා සෙනගක් හිටියා ඒ ක්ලාස් එකට. බ්‍රේක් දෙන කොට සර් හැමදාම කියන කතාවක් තමයි "කොල්ලෝ, වතුර ටිකක් බීල විනාඩි දහයෙන් වරෙන්."

කොහේ විනාඩි දහයෙන් එන්නද. එලියට යනකොටම විනාඩි පහක් ඉවරයි. හැමදාම ඒ ක්ලාස් එකේ චූ පෝලිම. විනාඩි පහක්වත් පෝලිමේ ඉන්න ඕන චූ දාන්න. වැහි දවස් වලට ඕක ඩබල්. එලියේ ඉඳන් පෝලිම. මොනවා කරන්නද. ඉවස ගෙන පෝලිමේ ඉඳල කොහොම හරි චූ දාලම ක්ලාස් එකට යනවා.



මේත් එක්කම තව සිද්දියක් මතක් වුනා. මේකත් මම ඒ ලෙවල් කරන කාලේ වෙච්ච දෙයක්. අපි ශුද්ද ගණිතය ක්ලාස් ගියේ අජිත් ජාගොඩ සර් ගාවට. සදර්න් එකේ තමයි ක්ලාස් තිබුනේ.

අපේ එක්සෑම් ළං වෙන කොට ඉස්කෝලේ වෙලාවෙත් ක්ලාස් දැම්මා. ඔහොම එක දවසක හොඳටම වැස්ස. අපි ක්ලාස් එක ඇතුලෙ. අපේ ක්ලාස් එක තිබුනේ උඩ තට්‍ටුවේ. (සදර්න් එකට ගිහින් තියෙන අය දන්නවා ඇති උඩ තට්‍ටුවෙ එක ලඟ හෝල්ස් දෙකක් තිබුනා. එතනින් ලොකු එකේ තමයි අපේ ක්ලාස් එක තිබුනේ. එහා පැත්තෙ එදා ක්ලස් එකක් තිබුනේ නෑ.)

බද්දෙවිතාන සර් ක්ලාස් කරන ලොකු හෝල් එකේ පොලිටිකල් ක්ලාස් එකක් තිබුනා.

අපිට දවල් 11 විතර බ්‍රේක් එකක් දෙනවා. 11 කිට්තු වෙන කොට අයින් වල ඉන්න අය අතින් මොකක්ද එකක් පෙන්නනවා. සරුත් පොඩ්ඩක් එහාට ගියා ලැබුනු අවසරයෙන් අපිත් අයිනට ගිහින් බැලුවා. දැක්ක දෙයින් අපේ ඇඟ කිලි පොලා ගියා..පල්ලෙහා මිනිහෙකුගේ ඉන ගාවට විතර වතුර.


පොලිටිකල් ක්ලාස් එකේ සර් එකේ ඉන්න පොඩි ගෑණු ළමයින්ව අතින් අල්ලලා මේ පැත්තට ගෙනත් දානවා. (ඒ ක්ලාස් එක තිබුනේ පල්ලෙහා තට්‍ටුවේ.)

අපිත් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. වැස්ස නිසා චු බරත් වැඩී. බ්‍රේක් දෙනකන් බලන් හිටියේ ටොයිලට් යන්න. නිකමට වගේ ගිහින් බැලුව උඩ තට්‍ටුවේ ඉඳන්ම ටොයිලට් එක දිහා. අම්මට සිරි, ටොයිලට් එකේ වහල විතරයි පේන්නේ. තව වෙලා හිටියනම් චූ යනවා. මමත් එක්ක හිටියේ මගේ අති ජාත මිත්‍රයා. මගේ ඕන දෙයකට එන එකෙක්.

වැඩිය හිත හිත හිටියෙ නෑ. බැස්සා එහා පැත්තේ හෝල් එකේ ස්ලැබ් එකට. දැම්ම චූ පහල තියෙන ගං වතුරට.

පස්සෙ තමයි හිතුනේ වැ‍ටුනනම් එහෙම පීනලා තමයි ගෙදර යන්න වෙන්නේ කියලා.

මේක ලියා ගෙන යන කොට පොඩි මෑන්ගේ මේ කතාවත් මතක් වුනා.

7 comments:

  1. හපොයි... මෙයාලගේ චූ බර.. හික්ස්.. මී පැටියා කිව්වට ඔෆිස් යන කෙනෙක් නේ.. පැටියෙක් වෙන්න බැ එහෙනම්.. :p

    ReplyDelete
    Replies
    1. ඔෆීස් ගියාට තාම පැටියෙක් තමයි. තෑන්ක්ස් කමෙන්ට් එකට..

      Delete
  2. මොනවද මී පැටියා, වැස්ස දවසට චූ බර වැඩි තමයි. ඇයි ඉස්සර බයෝ වලට ඕක කියලා දෙන්නෙ. හමෙන් ජලය පිටවෙනවා අඩු වෙනකොට ඒකත් මුත්‍රා වශයෙන් පිටවෙනවා කියලා. උඹලට මී පැටව් වෙලත් මතක නෑ නේ?

    ඔය ටොයිලට් ගංවතුරට යට වුනාම බඩු බැක් අප් වෙනවා දන්නවද? හපොයි මම දැකලා තියෙනවා කොළඹදි. ගෙදර ගිහින් හත් පාරක් වත් සබන් ගාලා නාන්න ඕනෙ!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. බයෝ නෙමෙයිනේ මචං කරේ..:(

      ගාල්ලේ ඟං වතුර ගැලුවහම සංඝමිත්තෙ හරියෙ තියෙන්නේ කුණු ඇලේ වතුර. ගෙදර ගිහින් 7, 8 වතාවක් නෑවත් මදි ඒ වතුරේ බැහැලා ගිහිල්ලානම්.

      තෑන්ක්ස් මචං කමෙන්ට් එකට..!

      Delete