මී ගුලට රිංගපු අය

Sunday, November 24, 2013

කැරපොත්තා කල හදියක් 2

මෙම ලිපිය මගේ පෙර කැරපොතු ලිපිය හා බැදේ..

------------------------------------------------------------------------------------------------------------

මේ සිද්දිය වුනේ චෝගම් කාලේ.

එදා චෝගම් වලට පාර්වල් වහලා. මම රෑ 7ට විත්‍ර ඕෆ් වෙලා 174ක නැගලා බත්තරමුල්ලට ආවා 170ක් හරි 190ක් හරි ගන්න. හෝල්ට් එකේ සෙනග පිරිලා ඉන්නවා. හැබැයි සෑහෙන වෙලාඅක්න් බස් එකක් ඇවිත් නෑ, බො‍රැල්ල හන්දියේ පාර වහලා.





බස් හෝල්ට් එකේ මගේ ඉස්සරහ්ය්හින්ම වගේ හිට ගෙන හිටියා නිල් පාට ටොප් එකක් ඇද ගත්තු ගැණු ළමයෙක්. බැලූ බැල්මටනම් පෙනුනේ මේ ගැණු ළමයා ක්ලාස් ඉවර වෙලා ගෙදර ය්න්න ඉන්නවා කියලා.

ටිකකින් මට තේරුනා මගේ පිටේ එල්ලන් ඉන්න මල්ලට මොකෙක් හරි පියාඹන සතෙක් ආවා කියලා. හතර වටේම බලුව..ම්හු..හොයාගන්න නෑ.

මමත් ඉත්න් ඔහේ ඉන්නවා. ටිකකින් තේරුනා අදාල සතා ඇස පොවන මානයේ ඉන්නවා කියලා. බෑග් එක ග්ලවලා බැලින්නම් කැරපොත්තෙක්.

මම ඉතින් ගානක් නැතුවම බෑග් එත අතට අරන් ගැසුවා. කැරපොට්ත්තව විසිවේලා ගිහින් අර ගැණු ළමයා ගාව වැ‍ටුනා.

කෙල්ලට තේරුනා මොකක් හරි කකුල ගාවට වැ‍ටුනා කියලා. බැලුවා කැරපොත්තා දිහා.ආයෙත් දෙපාරක් හිතුවේ නෑ, දිව්වා බස් හෝල්ට් එකේ එහ කොනටම.


මටයි,මගේ එහා පැත්තේ හිටපු කෙල්ලටයි බඩ අල්ලගෙන හිනහයි.

මේකෙන් එන්න පුලුවන් නිගමනේ තමයි බහුතරයක් ගෑණු ළමයි කැරපොත්තන්ට අසීමිත බයක් දක්වනවා. මොකද, දැනට මාත් එක්ක නැති මගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙත් ඔය සීන් එක තිබුනා..

මී පැටියා හුඟ කාලෙකින්..




හායි හැමෝටම..

කට්ටියට දැන් මී පැටියව මතකද් දන්නෙත් නෑ. අවුරුද්දකින් විතර පස්සේ පෝස්ට් එකක් දාන්නේ. දැන්නම් ගොඩක් සින්ඩි වලත් මෙම්බර්ශිප් එක නතුව ගිහින් ඇති.

------------------------------------------------------------------------------------------------------------

මී පැටියට පහු ගිය දව්ස් ටිකේ මාර පශ්න ගොඩක් ආවේ. වැඩ කරපු කම්පැනි එක මාරු කරා. මී පැටියා තනිකඩ වුනා. අන්තිමට පෝස්ට් එක්ක් දාන්නවත් අතේ ලැප් එකක් නැතුව ගියා. :(

දැන් ඉතින් ආයෙත් ටික ටික ඔලුව උස්සනවා. හැම දේම වෙන්නේ මිනිස්සුන්ටනේ.

මම බලාපොරොත්තුවෙනවා ඔයගොල්ලෝ හැමෝම මී පැටියාව ආයෙමත් පිලිගනීවි කියලා. අදින් පස්සේ තව පෝස්ට් කක් දන්න සමහරවිට ටිකක් කල් යන්න පුලුවන්. ඒත්, 2014 මුල වගේ ඉඳන් ආයෙත් පාන විදියටම බ්ලොග් එක කරගෙන යන්න පුලුවන් කම ලැබෙයි කියල මම බලාපොරොත්තු වෙනවා..

------------------------------------------------------------------------------------------------------------

එහෙනම්,,

මී පැටියට ජය වේවා.....!

Tuesday, November 13, 2012

කරන්ට් වැදිලද..ලිස්සලා වැටිලද..




මේ දවස් වල වැඩ ගොඩ ගැහිලා. අස්සේ එග්සෑම් එකකුත් ලඟ ලඟම එනවා. මෙහෙම ගියොත් මී පැටියාව කට්ටියට අමතක වෙනවා. ඒකයි වෙලාවක් හම්බෙන කොටම පොඩි පෝස්ට් එකක් හරි දාන්නේ.


මේ සිද්දිය වුනේ ඊයේ. මේ දවස් වල අපේ කම්පැනි එකේ බයර් කෙනෙක් ඇවිල්ලා එංගලන්තේ ඉඳලා. කොහොම හරි අපේ මීටින් එකක් තිබුනා ඊයේ අපේ ෆැක්ටරි එකේ.

අපිත් ඉතින් උදෙන්ම ගිහින් සේරම ලෑස්ති කරා. 11 විතර බයර්ස්ලා ආවා.

එක ගෑණු කෙනෙක් ආපු හැටියම රිංගුවා බාතෲම් එකට. ( බයර්ස්ලට වෙනම බාතෲම්ස් තියෙනවා. )

ටිකකින් සාම්පල් රූම් එක පැත්තෙන් 7 දෙනෙක් විතර දුව ගෙන එනවා.
"අන්න අර ගෑණිට කරන්ට් වැදිලද කොහෙද. කෑ ගහනවා ඇහුනා."

අපි හැමෝගෙම ඇඟේ ලේ වතුර වුනා. ඇයි අප්පේ, අපේ බිල්ඩින් එකක් ඇතුලේ සුද්දියෙක්ට කරනට් වැදිලා මොනව හරි වුනොත් එහෙම චාටර් කන්න වෙන්නෙත් අපිටමනේ.

එතකොටම වගේ ෆැක්ටරි එකේ තේ හදන ඇන්ටිත් දුවන් ආවා.
"අන්න අර නෝනා ලිස්සලා වැටිලා. කෑ ගහනවා."

දැන් අපි දෙලොවක් අතර. ලිස්සල වැටිලද..කරන්ට් වැදිලද..

අපිත් ගියා බලන්න. බැලින්නම් මොකද වෙලා තියෙන්නේ.. කැරපොත්තෙක් ඇවිල්ලා. 

අපේ එකෙක් ගියා, ගත්තා කැරපොත්තව අතින්, විසි කරා එලියට.


ඊයේ වෙච්ච පොඩි සිද්දියක් දැම්මේ වෙලාව තියෙන විදියට. වෙලාවක් හම්බුන හැටියම තව පෝස්ට් එකක් දාන්නම්.

කමෙන්ට් එකක් දාලම යන්න.

ජය වේවා..!

Tuesday, November 6, 2012

අම්මට හුඩු..මේ සීනි නේ..3 (සුදු නංගී, දන්නවද වැඩක්?)


කාලෙකින් තමා මේ පෝස්ට් එකක් දාන්නවත් මේ පැත්තේ ආවේ. මේ දවස් වල බ්ලොග්ස් කියවන්නවත් වෙලාවක් නෑ. වැඩත් පිරිලා, එග්සෑම් එකකුත් ලඟ ළඟම එනවා. පිස්සු වගේ මේ දවස් වල.

දැන් කට්ටියට මී පැටියව අමතක වෙලාද දන්නේත් නෑ. මේ ක්රිස්කෝ සීනි පැකට් එකේ මුල් ටිකත් කට්ටියට අමතකද දන්නේ නෑ. අමතකනම් ගිහින් කියවලම එන්නකෝ..





ඊළඟ දවසේ උදේ හීල් දානේ. මම උදේ පාන්දරම නැගිට්ටා ක්ලාස් යන්න කියලා. වීක් එන්ඩ් නිසා සිකුරාදා ඕෆ් වෙලා ගෙදර ආවා. ඉරිදා උදේම කොළඹ එන්න ඕන ක්ලාස් වලට.

කොළඹ යන්න ඕන නිසා උදේ 2 නැගිටලා ලෑස්ති වුනා. ක්ලාස් යන්න කම්මැලී. අම්මලත් එක්කම උදේ පාන්දරම ගියා දානේ ගෙදර.

ගිහින් බැලින්නම් අපි තමයි මුලින්ම ගිහින් තියෙන්නේ. ගිය හැටියම කාමරේට ගිහින් බැලුවා අපේ සීනි පැකට් එකේ තත්වේ.

සීනි පැකට් එක කඩලා එතනම දාල තිබුනා. කියන්නේ වැඩේ අහු වෙලා.

ටිකකින් ලොකු අම්මා ආවා. එයත් ආව හැටියම ගියේ කාමරේට, සීනි පැකට් එක බලන්න.

කට්ටිය දානේ ඉව්වා. අරං ගියා පන්සලට. ආයෙත් ආවා. උදේට කෑවා. සීනි එක ගැන කතාවක්වත් නෑ.

දැන් තමයි උච්චතම වෙලාව. හම්බ වෙලා තියෙන තෑගි වැඩී කියලා ආපු නෑදෑයොන්ට තෑගි බෙදන වෙලාව. ප්ලෑන් කරලා අපේ සීනි පැකට් එක අපිටම දාල දෙයිද දන්නේ නෑනේ. වැඩේට සෙට් වුන හැමෝම තමංගේ පාර්සලේ අරං ආපු හැටියම බැලුවේ මොනව්ද ඇතුලෙ තියෙන්නේ කියලා.

ටිකකින් අපේ චූටි ලොකු අම්මා සාලෙට ආවා. එයා අපේ අම්මට කියන්නේ සුදු නංගි කියලා.

"සුදු නංගි දන්නව්ද වැඩක්? පද්මිනී ඇන්ටි කිලෝ 1 සීනි පැකට් එකක් ක්රිස්කෝ පැකට් එකක් ඇතුලේ දාල තව ලැජ්ජ නැතුව බෑග් එකේ පද්මිනී ඇන්ටි කියලත් ලියලා තියලා ගිහින්නේ."



බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ඇසුනු දේ නිසා අපි හැමෝම හොල්මන් වෙලා ගියා. කියන්නේ වැඩේ සීරියස් අරන්ද..!

"කොහෙද තියලා ගිහින් තියෙන්නේ?"
ප්රශ්නේ අපේ අම්මගෙන්.

"අර තෑගි ගොඩේමයි තිබුනේ."

"සවුත්තුවට වෙන්න ඇති කරන්න ඇත්තේ නේද"
අපේ ලොකු අම්මගේ නිගමනයක්.

"දන්නේ නෑ ඉතින්. පිස්සු ගෑනිනේ කොහොමත්."

කතාව ඔහොම ඔහොම ඇදිලා ගියා.

ටිකකින් ලොකු අම්ම කියනවා,
"හැබැයි අපේ ළමයි ටිකත් ඔය කාමරේ හිටියා. කට්ටියගේ කටවලුත් හෙල්ලුනා.."

පුදුමයට පත් වෙච්ච චූටි ලොකු අම්මගේ කට ඉබේම ඇරුනා.



" කියන්න ඔයාල ටිකද මේක කරේ?"

කට්ටිය කතා නෑ. හිනා වෙනවා විතරයි.

පස්සේ ලොකු අම්ම කිව්වා ඇත්ත කතාව කිව්වේ පස්සේ වෙලාවක පද්මිනී ඇන්ටි හම්බවෙලා බනී කියලා හිතලලු.


අපි තවමත් අපේමද කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්.

මී පැටියාව අමතක කරන්න එපා..

ජය වේවා..!