මී ගුලට රිංගපු අය

Tuesday, September 11, 2012

මීට පස්සේ හොරෙක් ආවොත් ඇඟට උණු වතුර එකක් දාන්න..




අද දවසට මී පැටියාගේ දෙවනි පෝස්ට් එක. මී පැටියා දියුණු වෙනවා.

තරුවගේ මේ පෝස්ට් එක දැකලා තමයි මේක මතක් වුනේ..

-------------------------------------------------------------------------------------------------------

මේ සිද්දිය වුනේ 2007 විතර. කියන්නේ මී පැටියා ඕලෙවල් කරන කාලේ. සුනාමියෙන් පස්සේ මී පැටියා ඇතුලු පවුලේ උදවිය රට ඇතුලට වෙන්න තියෙන ගෙයකට ගියා. ගෙදර පදිංචියට ගිහින් හරියටම සති 2කින් තමයි මේක වුනේ.

වෙලාව රෑ 12.30 විතර ඇති. ගෙදර හැමෝම දොයි. අපේ තාත්තා බාත් රූම් යන්න නැගිටල තියෙනවා.

තාත්තාට ඇහිලා තියෙනවා මගේ කාමරේ ජනේලේ හරියෙන් සද්දයක්. තාත්තා ඇවිත් කර්ටන් එක අයින් කරලා බලලා. කවුද මිනිහෙක් ජනේලේ එල්ලිලා ඉන්නවලු. තාත්තා හයියෙන් කෑ ගහලා අහලා කවුද කියලා. පැනලා දුවලා.

තාත්තාගේ සද්දෙට තමයි මට ඇහැරුනේ. ටිකකින් අම්මත් ආවා.

ටිකකින් මෙන්න වූ ආයෙත් එනවා. මේ පාර ටී ෂර්ට් එකෙන් මූණ වහගෙන. තාත්තා ඒපාර ටෝච් එක ඇල්ලුවා ජනේලෙන්ම. පාර ආයෙත් පැනලා දිව්වා.

අලුත් නිසා පැත්ත ගැන අපිට හැටි දැනුමක් තිබුනෙත් නෑ ඔය කාලේ. ඒක නිසා අපි කෝල් කරා ලඟ පාත ඉන්න අඳුරන මනුස්සයෙකුට.

මෙන්න පාර ගොල්ල එනවා කැබ් එකක් පුරෝලා මිනිස්සු අරගෙන. 6 දෙනෙක් විතර. දැන් හොරාව අල්ල ගන්න වගේ ආවේ. ඒත් ඉතින් වැඩක් නෑනේ. හොරා පැනලා ගිහින් ඉවරයිනේ..

දැන් සිද්දිය පොලිස්සියට කියන්නත් ඕනනේ. පොලිස්සියෙන් අල්ල ගනීනේ හොරාව. එක එක කට්ටිය එක එක අදහස් දානවා. අඳුරන කෙනෙක් මාර්ගෙන් යමු, අපිම පොලිස්සියට යමු ආදී දේවල්. මී පැටියත් නිකන් හිටියේ නෑ. දැම්ම අදහසක්.
"අපි 119 කෝල් කරලා කියමු."

අම්මට සිරි, හැමෝගෙන්ම අනුමැතිය හම්බ වුනා. ඉතින් කෝල් කරා 119. ඔක්කොම විස්තර කිව්වා.

පැයකින් විතර පොලිස් ජීප් එකක් ආවා විදුලි වේගෙන්. අපි හිතුවා බැටෑලියන් එකක්ම එනවා ඇති කියලා. හොරාව අදනම් අතටම අල්ල ගනීවි.

ජීප් එක පුරෝලා පොලිස් නිලධාරීන් 2නෙක් ඇවිත් තිබුනා. එක්කෙනෙක් අතේ වෙපන් එකකුත් තිබුනා.

ඇවිත් සාලෙන් වාඩි වුනා.  අම්ම හදලා දුන්න තේ දෙකත් බිව්වා. මේ ඉඩමේ පර්ච් එකේ ගානත් ඇහුවා.

දෙන්නම නැගිට්ටා.
"මීට පස්සේ හොරෙක් ආවොත් වතුර එකක් උණු කරලා හොරාගේ ඇඟට දාන්න" කියලා ජීප් එකට නැගලා ආපු විදියටම යන්න ගියා.

22 comments:

  1. හිකිස් ඔන්න දීපු ලින්කුව දිගේ ආවා...ඔය ගේ පොලීසියෙ ඇත්තෝ තමයිඉන්නෙ වැඩිපුරම. මීට පස්සෙ හොරාට කියලා තියන්න ඕනි එන්න කලින්මැසේජ් එකක් දාන්න කියලා වතුර ටිකක් උණු කරලා තියන්න..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තරුවා කමෙන්ට් එකට.

      ඒක නම් ඇත්ත තමයි. ඇයි ඉතින් අපි පෙන බලන එකක්යැ හොරා එන්න කලින් දැන ගන්න..

      Delete
  2. ගෙවල් වලට පැනලා හොරකම් කරන බොහොමයක් දෙනා හොරකම් කරන්නේ ලොකු වටිනාකමක් තියෙන දේවල් නෙමෙයි. සමහරු ගෙවල් වලට එන්නේ තමන්ගෙ කාමුක ආශාවන් තෘප්තිමත් කරගන්න. එහෙම කෙනෙක් කිසිම අලාභයක් නොකර එහෙමත් නැත්නම් සුළු පාඩුවක් කරලා පැනලා ගියාම ඒක පොලිසියට ඒ තරම් බරපතල දෙයක් විදියට පේන්නෙ නෑ. මොකද ඊට වඩා බරපතල සිද්ධි ඕනතරම් සිද්ධ වෙන නිසා. අනික එහෙම කෙනෙක් හොයන එක ඒ තරම් ලේසි දෙයක් නෙ‍මෙයි. ඉතින් එයාලා පහසුවෙන් ගැලවිලා යන එක සාමාන්‍ය දෙයක්. ගොඩක් අය පොලිස් නිලධාරීන් අවතක්සේරු කලාට මම නම් එයාලගෙ සේවය අගය කරනවා. ඕනෑම තැනක වගේ පොලිසියෙත් වැරදි කරන නිළධාරීන් ඉන්නවා. නමුත් ඒ නිසා පොලිසියෙන් වෙන සේවය අවතක්සේරු කරන්න බැහැ. මොනවා වුනත් කතාව රසවත්. ජය...!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං කමෙන්ට් එකට.

      මමත් පොලිස් සේවය අවතක්සේරු කරන්නේ නෑ. නමුත්, දූෂිත නිලදාරීන් සුලුතරයක් නිසා මුලු පොලිස් සේවයම මිනිසුන් අතර අප්‍රසාදයට පත් වෙනවා.

      එහෙම කෙනෙක්ද කියන්නත් බෑ. නමුත්, දෙයක් වෙච්ච නිසා පෝලීසිය දැනුවත් කරේ..

      Delete
    2. එකඟයි ප්‍රදීප්ට..

      Delete
  3. ඔන්න මමත් ආවා මී පැටියාගෙ ඉසව්වට...
    අපරාදේ...ඔය ඇඩ්වයිස් එකට පෙට්‍රල් පුච්චාගෙන ආවේ..ෆෝන් එකෙන්ම කිව්ව නම් ඉවරයිනේ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මේ පැත්තේ ආවට.

      ඒකනම් ඇත්ත. 119 කතා කරපු නිසා මයේ හිතේ එහෙමවත් ආවේ..

      Delete
  4. ඕක සුළු දෙයක් උනාට ඔය වගේ සුළු සුළු දේවල් තමා ලොකු වින්නැහියක ආරම්භය.මට නම් පොලිස් සේවාව ගැන තියෙන්නේ බොහොම කල කිරීමක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං.

      වැඩි හොඳට කියලා තිබ්බේ. හැබැයි එදා ඉඳන් මේ වෙනකම් කිසිම කරදරයක් වෙලා නෑ. දැන්නම් ඉතින් ලොකු දඩෝරියෙකුත් ඉන්නවා.

      Delete
  5. මේක ලංකාවනේ මී පැටියෝ.. :)

    ReplyDelete
  6. රටේ තියන හැම ගෙදරකටම ආරක්ෂාව දෙන්න පොලිසියට බැහැ. තමන් දැන ගන්න ඕන තමන්ගේ ආරක්ෂාව බලාගන්න.

    ReplyDelete
    Replies
    1. රටේ තියෙන හැම ගෙදරටම ආරක්ෂාව දෙන්න බැරි බව ඇත්ත. නමුත් දෙයක් වුන නිසානේ කෝල් කරලා කිව්වේ. හොරා කඩපු ජනේලේ පැත්තටවත් පෝලීසියෙන් ගියේ නෑනේ.

      තෑන්ක්ස් කමෙන්ට් එකට..

      Delete
  7. මටත් කියන්න තියෙන්නේ චන්දන කියන කතාව. පොලීසියෙන් පෙන්නුම් කරන්නෙත් මේ රටේ ජීවත් වන ජනතාවගේ පැතිකඩක්. ඒක පොලීසියේ විතරක් නෙවෙයි හැම තැනම එහෙමයි. ඕක අපේ ජාතියේ ප්‍රශ්ණයක්. තමන්ගේ ප්‍රශ්නෙදී තමයි බඩට දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. අපේ රට තුන්වෙනි ලෝකේ කියන්නේ යටිතල පහසුකම් වලින් නෙමෙයි, ගොඩක්ම මිනිස්සුන්ගේ ආකල්ප වලින්..

      Delete
  8. හි හි...මරු පොලිස් මාමලාගේ උපදෙස..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ගොන් පොලිස්කාරයෝ.පෙට්‍රල් පුච්චගෙන තේ බොන්න ඇවිල්ලා.හිකිස්

    ReplyDelete
    Replies
    1. ලඟ තියෙන තේ කඩේකට ගොඩ වුනා නම් ඉවරනේ..

      Delete
  11. අඩේ, වේයො ගුලකට පාවිච්චි කරන ටෙක්නික් එකක්නෙ. මරු ඈ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මේ සීන් එකනම් තේරුනේ නෑ.

      Delete