මී ගුලට රිංගපු අය

Thursday, September 13, 2012

‍තෝ කොහෙද ඔය යන්නේ..? කෙල්ල මෙහේ නේ..!




ඊයේ රෑ චැට් එකට ගියහම පරන යාලුවෙක් ඔන්ලයින්. ඉස්කෝලේ කාලේ යාලුවෙක්.

"අඩෝ මචං.."
"කොහොමද මී පැට්ටෝ?"
"උඹලට දැන් අපිව මතකත් නෑ නේද?"
"පිස්සුද බං. ලොවෙත් අමතක වෙන්නේ නෑ."
"ගොඩක් කාලෙකින් කෝල් එකක්වත් නොදුන්න නිසා ඇහුවේ. මම බ්ලොග් එකක් ලියනවා. මෙන්න ලින්ක් එක. අපේ ආතල් කතා එහෙමත් දාන්න හිතාගේන ඉන්නේ."
"දාපන්. මමත් බලන්නම්."

මේ චැට් එකෙන් පාසේ තමයි හිතුනේ අපේ ඉස්කෝලේ කාලේ කතා දාන එක පටන් ගන්න ඕන කියලා. මම චැට් කරපු මාගේ යාලුවගේ කතාවකින්ම පටන් ගන්නම් කෝ.

කියවලා හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලම යන්නකෝ..


අපි පියෝ මැට්ස් ක්ලාස් ගියේ අජිත් ජගොඩ සර්ගේ ක්ලාස් එකට. අපි කිව්වේ අපි සෙට් එකක්ම හිටියා. එකම ඉස්කෝලේ. ( කන්ද උඩ ඉස්කෝලේ. ) ක්ලාස් වලත් එකටමයි හිටියේ.

ලෙවල් වලින් පස්සේ සෙට් එක වෙන් වුනා.
සමහරු කැම්පස්, සමහරු සෙකන්ඩ් ෂයි කරලා ඉසෙඩ් කෝ ප්රශ්නෙන් පීඩා විඳිනවා, අපි වගේ අය සිමා කරලා දැන් රස්සා කරනවා,  etc.

අජිත් ජාගොඩ සර්ගේ ක්ලාස් එකේ අපි සෙට් එක වාඩි වුනේ ඉස්සරහම. අපේ ක්ලාස් එක තිබුනේ උඩ තට්ටුවේ ලොකු හෝල් එකේ. එහා පැත්තේ හෝල් එකේ තිබුනේ බයෝ ක්ලාස් එක. ( සර්ගේ නම මතක නෑ. ) ඟං වතුරේ උඩ තට්ටුවේ ඉඳන් චූ දැම්මෙත් මේ ක්ලාස් එකේදිම තමයි.

අපේ සෙට් එකේ හිටියා කොටා කියලා එකෙක්. අපිට ස්සපේක්ෂව ගොඩක් කොටයි. කාලේ ඉඳන්ම දැවෙමින් හිටිය ප්රශ්නයක් තමයිරැවුල වැවෙන්නේ නැති එක. හැබැ හෙන බ්රයිට..

මුගේ හිත ගියපු කෙල්ලෙක් හිටියා ඔය බයෝ ක්ලාස් එකේ, බට්ටි කියලා කිව්වේ. ( අපේ බට්ටි නම් වෙන්න බෑ මයේ හිතේ.. )

දවසක් කට්ටිය කතා කර ගත්තා ක්ලාස් ඉවර වෙලා කෙල්ලගේ පස්සෙන් යන්න. ( මගදි කොල්ලෙක් හම්බ වෙනවද, මොන බස් එකේද ගෙදර යන්නේ ආදී දේවල් බලා ගන්න. )

කොටයි, මී පැටියායි, තරූ කියලා එකෙකුයි තමයි සෙට් වුනේ ෆලෝ එක දෙන්න. හැබැයි, මේ වෙනකොටත මී පැටියා කෙල්ලව ඇස් දෙකට දැකලා තිබුනේ නෑ.


ක්ලාස් එකේ අන්තිම හරිය වෙන කොට කොටාට ඉන්නම බෑ. කොහොමෙන් කොහොමෙන් හරි ක්ලාස් ඉවර වුනා. බයෝ ක්ලාස් එකත් මේත් එක්කම ඉවර වුනා. දැන් කොටා දොර ගාවට රබර් ඇහැ දාගෙන ඉන්නවා කෙල්ල එනකම්. මී පැටියා ගියා චූ පාරක් දාල එන්න.

මම එනකොට කොටා කෑ ගහනවා.
"යකෝ, කෙල්ල ගියා. ඉක්මනට යමං."

අපිත් ඉතිං නමෝ විත්තියෙන් රේල් පාරට බැස්සා. මම හඬ අවදි කරා.

"මචං, මටත් කෙල්ලව පෙන්නපන්."
"අර ඉන්නේ මචං."
කොටා මට කෙල්ලව පෙන්නුවා. මමත් ඉතින් මීටර් කර ගත්තා. අපේ කොල්ලෙක්ගේ අනාගතා බිරිඳනේ ඉතින්..

පස්සෙන්ම ගියා. කෙල්ල හැව්ලොක් ප්ලේස් එකට බැස්සා. දිගටම ගියා. බස් ස්ටෑන්ඩ් එක ගාවටම ගියා. කෙල්ල හැරුනා ස්ටේෂන් පැත්තට.

"අඩෝ මීයෝ, කොහෙදතෝ යන්නේ?"
කෑගැහුවේ කොටා.
"මම යන්නේ කෙල්ලගේ පස්සෙන්."
"ඉතින් ඔය කොහෙද යන්නේ? කෙල්ල මෙහේනේ." ලියන ගමන් ගාමිනී මාවත දිහාව පෙන්නුවා.

හුටා, මම මෙච්චර වෙලා මීටර් කරන් ඇවිත් තියෙන්නේ වෙන කෙල්ලෙක්ව. මොනවා කරන්නද, ඊළඟ දවසේ මම ක්ලාස් යන කොට ක්ලාස් එක කොල්ලොන්ගෙන් 50% විතර සීන් එක දන්නවා.

------------------------------------------------------------------------------------------------------

අදට මෙච්චරයි. තව කතා තියෙනවා. ඉක්මනටම දාන්නම්..


19 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අතීතය මතක් කරලා දුන්නට බොහොම ස්තුතියි මචන්.මතක් වෙනකොටත් තාම බඩ අල්ලන් හිනායනවා.හිකිස්.ඒ පිස්සු කාලේ ආයේ එනවනම් කියලා හිතෙනවා.හැබැයි ආයේ අවොත්නම් මන් උඹ එක්ක නම් පස්සෙන් යන්නේ නෑ.මොකද එහෙම උනොත් මට සෙට් කරගන්න වෙන්නේ වෙන කොහෙවත් යන එකක් තමයි.හිකිස්

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. ඒ කාලේ ලොකු වෙන්න දැඟලුවට දැන් තමයි හිතෙන්නේ ඒ කාලේ කොච්චර ආතල්ද කියලා.

      හැබැයි, මේ සීන් එකට පස්සෙත් උඹ කෙල්ල පස්සෙන් ගියේ මාත් එක්කම තමයි. මතකද කනේ පාරකුත් කෑවා?

      බය වෙන්න එපා, වෙන කෙල්ලෙක් හරි සෙට් කරලා දෙන්නම්..!

      Delete
  3. හික්ස්...
    ඔය වගේ සීන් නං හිසේ කෙල් ගාන්ට වෙලා ඇති බං..

    ReplyDelete
  4. ඕකට කන්නාඩි දැම්මත් හරියන්නෙ නෑ. අවුල තියෙන්නෙ ඇස්වල නෙවෙයිනෙ. ඒක නෙවෙයි මී පැටියා. මේ බ්ලොග් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන සීන් එකක් තියෙනවා වගේ නේ? මට උඹේ කතා බර ගානක් මිස් වෙලා. ඒ මදිවට මේ කතාවෙත් ටයිටල් එක නැතුව මී පැටියා කියලා විතර්ක් අප්ඩේට් වෙලා. මගෙ HeyDude බ්ලොග් රෝලෙ බලාපං.

    මේ අහපං. උඹේ බ්ලොග් පෝස්ට් එකේ ටයිටල් එක ලින්ක් එකක් වගෙ වැඩ කරන්නෙ නෑ. ඒක උඩට කර්සර් එක ගෙනිහිං බලාපං. උඹ පෝස්ට් එක දානකොට අර ටයිටල් බොක්ස් එක හිස්ව තියලා ටයිටල් එකත් පෝස්ට් එකේ අලවනවා වගෙ සීන් එකක් කරලා වගෙ පේන්නෙ. පොඩ්ඩක් බලාපංකො.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොහොකෙද මචං අවුල තියෙන්නේ?

      ඇයි ඒ අප්ලෝඩ් වෙන්නේ නැත්තේ? :(

      උඹ කියලා තියෙන එක තේරුනේ නෑ මචං. අර අලවලා තියෙන කේස් එක..

      Delete
    2. පැටියෝ, මේක හොඳට ඔලුවට ගනිං.
      දැන් අපි පෝස්ට් එකක් දානකොට අපි දාන මාතෘකාව තියෙනව නේද?
      දැන් මී පැටියා දාපු මාතෘකාව මේකනෙ.
      තෝ කොහෙද ඔය යන්නේ..? කෙල්ල මෙහේ නේ..
      ඔය මාතෘකාව හරිනං ලින්ක් එකක් වෙන්න ඕනෙ.
      ඒ කියන්නෙ, උඹ අලුත් පෝස්ට් එකක් දැම්මාම අපේ බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙනවනෙ, නේද?
      ඉතින් මෙ පැටියගෙ අප්ඩේට් වෙලා තියෙන්නෙ "මී පැටියා" කියලා විතරයි. මගෙ HeyDude බ්ලොග් රෝල් එකේ බලාපංකො.
      මී පැටියා උඩ ක්ලික් කලාම යන්නෙ උඹේ හෝම් පේජ් එකට. ඒකෙ තියෙනවා උඹ අන්තිමට දාපු පෝස්ට් ඔක්කොම. අපිට ඕනෙ එහෙම නෙවෙයිනෙ.
      ඉතින් අපි කරන්න ඕනෙ අපි දාපු පෝස්ට් එකේ නමත් වැටෙන විදියට මේකහදන්නයි.
      දැන් උඹට තේරුනාද?

      හරි දැන් මෙහෙමයි අලුත් පෝස්ට් එකක් දානකොට කරන්න ඕනෙ.
      ඔබනවානේ New Post
      එතනින් යනවා ඒ පෝස්ට් එක අලවන්න ඕනෙ පේජ් එකට නේද?
      දැන් අර උඹේ මාතෘකාව "තෝ කොහෙද ඔය යන්නේ..? කෙල්ල මෙහේ නේ.. " අලවන්න ඕනෙ පැටියො Post Title කියලා උඩින් තියෙන හීනි තීරුවෙ (බොක්ස් එකේ). හරිද?
      ඊට පස්සෙ පෝස්ට් එක අලවන හැටි උඹ දන්නවනෙ ලොකු බොක්ස් එකේ.
      අන්න එහෙම කරලා පබ්ලිෂ් කලම මම කියන විදියට එනවා.

      ඒ අලුත් පෝස්ට් එකක්නෙ. දැන් උඹ දාල තියෙන එක හදන්නෙ මෙහෙමයි.
      ඔබපං DESIGN ඊට පස්සෙ වම් පැත්තෙ එන ලිස්ට් එකේ Posts එතකොට එනවා posts > all posts කියලා. ඔබනවා All. එතකොට එන පේජ් එක පහලට ස්ක්‍රෝල් කරපංකො. එතකොට එන ලිස්ට් එකේ උඹේ අලුත්ම පෝස්ට් එක පේනවනෙ. ඒකෙ තියෙන්නෙ පොඩී ටික් බොක්ස් එකක් අන්න ඒක ටික් කරාම උඹට පේනවා පෝස්ට් එකට යටින් Edit කියලා වචනේ. ඒක එබුවාම අර උඹ මුලින්ම පෝස්ට් එක අලවපු පි‍ටුව එනවා. අන්න ඒකෙ මම අර මුලින් කිව්වෙ අලුත් පෝස්ට් එකක් දාන විදියටම අර උඹේ මාතෘකාව "තෝ කොහෙද ඔය යන්නේ..? කෙල්ල මෙහේ නේ.. " අලවන්න ඕනෙ පැටියො Post Title කියලා උඩින් තියෙන හීනි තීරුවෙ (බොක්ස් එකේ). හරිද?
      දැන් Update ඔබනවා. දැන් ගොඩ. කරලා බලල කියාපංකො.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. මම එහෙම තමයි කරලා තියෙන්නේ. මාතෘකාව ටයිප් කරලා තියෙන්නේ ටයිට්ල් බාර් එකේ.

      Delete
    4. ඒ කතාව ඇත්ත මී පැටියෝ.. මගේ බ්ලොග් රෝල් එකෙත් අප්ඩේට් වෙන්නේ නැ.. මී පැටියා කියලා විතරයි වැටෙන්නේ...පොඩ්ඩක් හොයලා බලන්න..

      Delete
    5. මම ඉක්මනටම තව පෝස්ට් එකක් දාන්නම්. ඒකත් පෙන්නුවේ නැත්නම් මට පොඩ්ඩක් කියන්න.

      ඩූඩ් ගේ සහා රෙඩ් රයිඩින් හූඩ්ගේ සහයෝගයට ස්තූතී.

      Delete
    6. මේක මේ ටෙම්ප්ලේට් වල අවුලක් ද කොහෙද.. මමත් මගේ ටෙම්ප්ලේට් එක මාරු කළා. දැන් මගේ බ්ලොග් එකෙත් මාතෘකාව ලින්ක් එකක් විදිහට පෙන්නන්නේ හෝම් පේජ් එකේදී විතරයි. රීඩ් මෝ ගියාම ලින්ක් එකක් වගේ පෙන්නන්නේ නෑ. ඒත් බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙනව නම් තමා.

      Delete
    7. මමත් ටෙම්ප්ලේට් එක මාරු කරා. දැන් අවුල හරිද?

      Delete
  5. හී හී හී :) :)
    ලියන්න ලියන්න දිගටම.
    ජය!

    ReplyDelete
    Replies
    1. අනිවා..අනිවා..

      තෑන්ක්ස් කමෙන්ට් එකට..

      Delete
  6. හිහිහි... අපොයි ඔහොම වැඩ මටත් වෙලා තියෙනවා..

    මගේ යාලුවෙක් දවසක් එයාගේ පරණ කෙල්ල කියලා කෙල්ලො හතරක් විතර ඉන්න සෙට් එකකින් පෙන්නුවා.. මන් ඉතින් මොනා වුනත් ලාවට වගේ බැලුවා.. ඊට පස්සේ මීටර් කරගත්තා.. පස්සේ මෙයා මගෙන් අහනවා එයා ලස්සනයි නේද කියලා.. මන් කිව්වා..ම්ම්..ලස්සනයි තමා.. ටිකක් මහතයි නේ කියලා.. පිස්සු හලෝ එයාව නෙවෙයි මන් පෙන්නුවේ අනිත් කෙනා ලු.. මල වදේ මම ඉතින් මීටර් වෙච්ච කෙනා දිහා විතරනේ බැලුවේ..අනිත් අය මට මිටර් වුනේ නැ.. මම දවසේ බයිට් එක.. අනිතිමට බයිට් එක ඉවර වුනේ කෙල්ලෝ තව කෙල්ලෙක්ගේ ලස්සන කියන්න කැමති නැ කියලා.. අනේ සංසාරේ කිව්වලු..

    ReplyDelete
    Replies
    1. ඔහොම වැඩනම් ඕන තරම් වෙනවා.

      බයිට් වෙන එකෙත් ෆන් එකක් තියෙනවා, නැද්ද..?

      Delete
  7. ඔහොම සීන් උනාම පස්සේ මතක වෙනකොට නොදැනීම ඒ කාලෙට යනවා. මරු ඇ. ඒක නෙවෙයි මී පැටි මචං.. ඩුඩ් කියාපු බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන කේස් ඒක නම් තියනවා. මගෙ බ්ලොග් රෝලෙත් මේ සයිට් ඒක පෙන්නන්නේ "මී පැටියා" කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව මචං.. :)

      දැන් බලපන් අප්ඩේට් වෙනවද කියලා. මම අලුත් පෝස්ට් එකක් දැම්මා..

      Delete