මී ගුලට රිංගපු අය

Thursday, September 6, 2012

අපි තවමත් අපේමද - 3


මේ කොටස දාන්න ගොඩක් කල් ගියා. වැඩ අදිකයි අප්පා. සොරි වෙන්න ඕනා.

කලින් කොටස් වලට කමෙන්ට් දාපු හැමෝටම තෑන්ක්ස්.

කලින් කොටස් කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න පුලුවන්.


----------------------------------------------------------------------------------------------------------

මෙන්න ඊළඟ කොටස..



දිනූගේ නිවසේ දුරකතනය නාද වුනා. දුරකතනය ගත්තේ දිනූගේ අම්මා.

"හෙලෝ."
"හෙලෝ ආන්ටී, මම පණ්ඩුක. දිනූ ගෙදර ඉන්නවද?"
" පණ්ඩුක පුතා, දුව ඇඳුම් වගයක් ගන්න කියලා නුගේගොඩට ගියා."
"තනියමද ආන්ටි ගියේ?"
"නෑ පුතා, විනූෂී දුවත් එක්ක. ඇයි පුතා?"
"නෑ ආන්ටි නිකන්. මම එහෙනම් තියන්නම්."
"හරි පුතා. බුදු සරනයි."
"ඕකේ ආන්ටි."

පණ්ඩුකගේ ඔලුව කැරකෙන්න ගත්තා. පණ්ඩුක එහෙම්මම යාලුවට කෝල් එකක් ගත්තා.

"මචං විරා, මම පණ්ඩුක"
"ඔව් මචෝ"
"උඹ තාම බීච් එකේද ඉන්නේ?"
"ඔව් මචං."
"දිනූ තාම ඔතනද?"
"ඔව් මචං. කපල් එකම ඉන්නවා."
"දිනූගේ යාලුවා විනූෂී උඹ දන්නවා නේද?"
"ඔව් මචං."
"ඒකිත් ඉන්නවද ඔතන?"
"නෑ මචං. දිනූ විතරයි ඉන්නේ."
"උඹ මට උදව්වක් කරපන් මචං."
"මොකක්ද, ඕන දෙයක් කියපන්. උඹ දන්නවනේ මම කව්ද කියලා.."
"කෙල්ලට පාඩුවේ යන්න දීපන්. උඹ ඔය කොල්ලව ෆලෝ කරපන්. හොයා ගනින් කාගේ කව්ද, කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ සේරම."
"හරි මචං"
"උඹ ට්රයිෂෝ එකක් හරි අරං වැඩේ කරපන්. මම උඹට සල්ලි දෙන්නම්."
"අල්ලල දාපන් ඔය බල්ලොත් නොකන සල්ලි. මම ගේම දෙන්නම් තිතටම."
"හරි මචං. රෑට ක්ලබ් එකේදි සෙට් වෙමු."


විරා දිනූයි, දිනුකයි දිහා බලාගෙන හිටියා. අහින්සක කුරුලු ජෝඩුව මේ කිසිදෙයක් දන්නේ නෑ. කිසිම බරක් පතලක් නැතුව ඔහේ තුරුල් වෙලා කියව කියව හිටියා. දිනූට හිතුනේ තමන් ආයෙමත් ඒලෙවල් කරපු කාලෙට ගිහින් වගේ.

පැයකට කිට්ටු වෙන්න ගෙවිලා ගියා. විනූෂී දැක්කා. දිනූගෙන් ඈත් වෙලා දිනුක යනවා. විනූෂී හිමීට දිනූගේ පැත්තට ඇවිදන් ගියා. දිනුක බීච් එකෙන් ගාලු පාර පැත්තට යන කොටම විරාත් දිනුක පස්සෙන්ම ගියා. ඒක නිසා එතන විනූෂිත් ඉන්නවා විරා දැක්කේ නෑ.


"මොනවද කෙල්ලේ කල්පනා කරන්නේ?"
විනුෂී ඇහුවේ දිනූගෙන්.
"මම මේ කල්පනා කරේ මොන තරම් නපුරු මිනිස්සුද අපිත් එක්ක ඉන්නේ කියලා."
"යමං. යන ගමන් මට කතාව කියපන්. දැන් හුඟක් වෙලාවත් ගිහින් නේ."
"දිනුකට මගෙන් ඈත් වෙන්න කියලා තර්ජනය කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි, අපේ තාත්තා."
"මොනවා,"
විනූෂීට හිතා ගන්නවත් බැරි වුනා.

"ඔව් බං. දිනුක එක පාරටම මගෙන් ඈත් වෙච්ච එක, අඔඉ හදිස්සියේම කොළඹ පදින්චියට ආපු එක, මේ ඔක්කොම අපේ තාත්තාගේ ප්ලෑන්ස්."

"දැන් ඉතින් උඹ මොනව්ද කරන්න හිතාගෙන ඉන්නේ?"
"එන දේකට මූණ දෙනව බං. කොහොමටත් අර පණ්ඩුකයවනම් මට පේන්න බෑ. මහ කුකුලෙක්. මගේ දිහා බලන හැටිම පේන්නැද්ද?"
"උඹේ දිහා විතරක් නෙමෙයි, මගේ දිහා බලන්නේත් එහෙමයි. දැන් ඉතින් දිනුක මොන්මවද කරන්නේ?"
"දිනුකගේ අම්මා නැති වෙලා. නංගී පේරාදෙනිය කැම්පස් එකේලු ඉන්නේ දැන්. එයා සේල්ස් එක්සෙකටිව් කෙනෙක් විදියට වැඩ කරනවා. මහරගම ඉන්නේ."


පණ්ඩුකගේ යාලුවා තමන්ගේ පස්සෙන් එනවා කියලා නොදන්න දිනුක ගාලු පාරට ගිහින් පිටකොටුවට යන බස් එකකට නැග්ගා. දෙහිවලින් බැහැලා 119 බස් එකකට නැග්ගා. විරාත් පස්සෙන්ම ආවා. දිනුක මහරගමින් බැහාලා, කඩේකින් කන්න මොනවා හරි අරගෙන, වරාකැටිය පාරේ බෝඩිමට යන එකත් විරා බලා ගෙන හිටියේ.

විරාගේ ඊළඟ අරමුන වුනේ දිනුක කාගේ කව්ද කියලා හොයා ගන්න එක.


දිනූයි, විනූෂීයි ගෙට ගොඩ වුනේ හයියෙන් හිනා වෙවී.

"අන්න දුව පණ්ඩුක ළමයා කතා කරා."
දිනූ ගෙට ඇතුල් වෙන කොටම අම්ම කිව්වා. දිනූගේ හිතේ තිබුන සතුට සැහැල්ලුව කොහෙන් ගියාද කියලා එයාටම නිච්චි නැතුව ගියා. තමන් දිනුක සමග බීච් එකේ ඉන්නවා පණ්ඩුකට ආරංචි වෙලා ඇතී කියලා දිනූගේ හිතේ සැකයක් ඇති නොවුනම නෙමෙයි. මොකද පණ්ඩුකට රට වටේම යාලුවෝ.

"හොඳ ළමයා. එයාට ළමයා කියනවනම් ළමයින්ට කියන්නේ මොනවද?"
දිනූ කිව්වේ හිතේ තරහටත් එක්ක. තරහා තියෙන්නේ අම්මා එක්ක නෙමෙයි, තාත්තා එක්ක. දිනූ දන්නවා මේ කිසි දෙයක් අම්මා දන්නේ නෑ කියලා. අම්මා දන්නවනම් එහෙම දේකට ඉඩ දෙන්නේ නැති බවත් දිනූ දන්නවා.


දිනූ එහෙමම කාමරේට ගියා. අම්මගේ මූනවත් නොබලා. විනූෂීත් පස්සෙන්ම ගියා. හැබැයි මුකුත් කතා කරේ නෑ.

"ඇයි ළමයො ඔහොම කතා කරන්නේ? අපි දුවට දරුවව හොයලා දුන්නේ දුවට කරදරයක් නැතුව කාලා ඇඳල ඉන්න පුලුවන් නිසා."
"කාලා ඇඳලා හිටියහම ඇතිද අම්මේ, ?"
"ඔය මහ ලොකුවට උඩ දාගෙන ගියේ එකෙග්ගේ පස්සෙන්. අන්තිමට දැක්කානේ වෙච්ච දේ. අද වූ හොයාගන්නත් නෑ."

දිනූගේ ඇස් දෙකෙන් වේගෙන් කඳුලු වැටෙන්න ගත්තා. දිනුක මාව දාලා ගියේ නෑ, අපිව වෙන් කරා කියලා කෑ ගහලා කියන්න හිතුනත් දිනූ එහෙම කරේ නෑ.

"හොඳ වෙලාවට තාත්තා ගෙදර නොහිටියේ. හිටියනම් එහෙම මෙතන විසුමක් වෙන්නේ නෑ."

දිනූ ඇඬුවා. පොඩ්ඩක් නෙමෙයි. ගොඩක්. ඒත් ලෝකෙටම හොරෙන් විනූෂි විතරයි දන්නේ දිනූ ඇඬුව බව.



----------------------------------------------------------------------------------------------------------

ඊළඟ කොටසත් ඉක්මනටම දාන්නම්.

No comments:

Post a Comment