මී ගුලට රිංගපු අය

Wednesday, August 8, 2012

අපි තවමත් අපේමද - 1


නුගේගොඩ නෝ ලිමිට් එකේ වෙනදට වඩා වැඩි සෙනගක් හිටියා. මම ඇඳුම් තෝරමින් හිටිය රැක් එකට රැක්ස් තුනක් එහා හිටපු කෙනාව අඳුර ගන්න මට අමාරු වුනේ නෑ. දිනුක. අවුරුදු කීයකට පස්සෙද? ඔයානම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ රත්තර0. පොඩ්ඩක් මහත් වෙලා. එච්චරයි.

අපි දෙන්න ගැන හොඳටම දන්නෙ ගාල්ල ටවුන් එක. ඔයාට මතකද දවසක් ඔයාට උඩයකාන්ත සර්ගේ හෝම් වර්ක් කරන්න බැරි වුන නිසා ක්ලාස් යන්න බෑ කියලා SMS එකක් එවපු දවසෙ බද්දෙවිතාන සර්ගෙ ක්ලාස් එකෙන් කලින් එන්න ගිහින් තව පොඩ්ඩෙන් සර්ට අහු වෙනවා. මගේ යාලුවො එපයි කියද්දි මම ඔයත් එක්ක කී දවසක් නම් ලව් ලේන් එකට පවා ගියාද. එක දවසක් පොලීසියට අහු වෙන්න ගිහින් බේරුනේ අනූ නවයෙන්. ඒත් ඔයා කොහොමද රත්තර0 මගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයාගෙන් ඈත් වෙන්න කිව්වේ?

මම තව මාස තුනකින් අනුන්ගෙ වෙනවා. ඔයත් දැන් අනුන්ගේ වෙලා ඇති රත්තර0.

අනේ ඔයා මාව දැක්කා නේද? ඇයි රත්තර0 ඔයා මගේ පැත්තට එන්නේ? මාව මෙතනම අඬවන්නද හදන්නේ?




"දිනූ, පැටියෝ ඔයා?"
ඒ දිනුකගේ කටහඬ. එදා වගේමයි. ආදරේ පිරිලා තියෙනවා.

"විනූෂී, මේ දිනුක. මම ඔයාට කියල තියෙන්නේ"
මම දිනුකව විනූෂිට අඳුන්වල දුන්නා.

මගේ ඇස් දෙකෙන් කඳුලු වැස්සක් වැටෙන්න වගේ. විනූෂී එහෙම්මම මාවත් ඇදගෙන නෝ ලිමිට් එකෙන් එලියට දිව්වා.
දිනුකත් අපෙ පස්සෙන්ම ආවා. විනූෂී ඇවිත කෙලින්ම නැග්ගේ 183 බස් එකකට. අපි දෙන්නම එකම සීට් එකේ වාඩි වුනත් වචනයක්වත් කතා කරේ නෑ. වචනයක්වත්. ගල්කිස්ස බීච් එකට යනකම්ම වචනයක්වත් කතා කරේ නෑ.



බීච් එකේදි මුලින්ම හඬ අවදි කරේ විනූශි.
"එතන හිටියනම් දිනූ උඹ ඉකි ගගහ අඬනවා. ඒකයි බලෙන්ම වගේ මෙතනට ඇදගෙන ආවේ. මම ඈතට වෙලා ඉන්නම්. උඹල දෙන්නා කතා කරප0."
"දිනූ තව මාස දෙකකින් මැරි කරනවා. පරිස්සමින්" විනූශි ඒ කිව්වේ දිනුකට.


එහෙම කියපු වීනූෂී ඈතට ගියා, අපි දෙන්නව තනි කරලා.

පවුලේ එකම ළමයා වුන මට වීනූෂී කියන්නේ යෙහෙලියකටත් වඩා මගේම සහෝදරියක්. ජීවිත කාලේ මට හම්බවෙච්ච හොඳම යාලුවා.




------------------------------------------------------------------------------------------------------------


මී පැටියාගේ පලවෙනි නවල් එක. ඊයෙ රෑ කෙටි කතාවක් ලියන්න ගත්තෙ. පස්සෙ හිතුනා දිනූගෙයි, දිනුකගෙයි ආදරයට කෙටි කතාවක් මදි කියලා. මේකෙ ඉතුරු ටික ඉක්මනටම දාන්නම්.

බලමු මොනව වෙයිද කියලා. දිනූ දිනුක එක්ක කතා කරයිද..ඇයි දිනුක දිනූව අත ඇරල තියෙන්නේ..

කමෙන්ට් එකක් දාල මී පැටියව දිරිමත් කරලා යන්න..

11 comments:

  1. ලස්සන කතාවක් යාළු..:) අනිත් ටිකත් ඉක්මනට ලියන්නකෝ..:)
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. අනිවා ලියන්නම්.

      තෑන්ක්ස් කමෙන්ට් එකට..

      Delete
  2. මී පැටියෝ..කතාව මෙගා නම් කරන්න එපෝ.. අනිත් එක පුංචි දෙයක් කියන්නම්.. කතාවක නම් දාන කොට පැටලෙන්නේ නැති විදිහට දාන්න..මන් තුන්සැරයක් විතර කියෙව්වාම තමා තේරුනේ දිනූ කියන්නේ කෙල්ල.. දිනුකගේ නම කෙටි කරලා කියනවා නෙවෙයි කියලා..හොඳ කතාවක්.. ඔහොම ඒවා වෙනවානේ.. ජය වේවා..දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. අපෝ මෙගා කරන්නේ නෑ.

      තෑන්ක්ස් ඇඩ්වයිස් එකට. කමෙන්ට් එකටත් තෑන්ක්ස්.

      ජය වේවා..!

      Delete
    2. සොරි වෙන්න ඕනා කරදර වෙන්න වුනාට තුන් සැරයක් කියවලා.

      Delete
    3. අයියෝ.. සොරි මොනාද අනේ.. ජය වේවා

      Delete
  3. මී පැටියව බලලා යන්න මමත් ආව ඔන්න..දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මී පැටියව බලල යන්න ආවට. ලියන්නම් දිගටම..:)

      Delete
  4. සොරි වෙන්ඩෝනෙ මී පැටියා මම මේක කියෙව්ව කලබලෙන් එදා. කමෙන්ට් එකක් දාන්න වෙලාවක් තිබ්බෙ නෑ. බලමු ඊ ලඟට වෙන්නෙ මොකක්ද කියලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඉට්ස් ඕකේ මචං. අනිත් එකත් දාල තියෙන්නේ..

      තෑන්ක්ස් කමෙන්ට් එකට..!

      Delete