මී ගුලට රිංගපු අය

Monday, August 20, 2012

අපි තවමත් අපේමද - 2


කලින් කොටහ කියෙව්වෙ නෑති අය මෙතනින් ගිහින් කියවලා එන්න..

--------------------------------------------------------------------------------------------------------------

දිනුක, දිනූ දෙන්නම ගල් වෙලා වගේ එකිනේකාගේ ඇස් දිහා බලාගෙන හිටියා. දෙන්නටම මතක් වුනේ නැ මොනවද වෙන්නේ, කොහෙද මේ ඉන්නේ කියන එක.

"අඬන්න එපා රත්තරං. ඇස් පිහදා ගන්න."
මුලින්ම හඬ අවදි කරේ දිනුක. දිනුක දිනූගේ ඇස් පිහදැම්මා. ඉස්සර වගේම. දිනූගේ ඇඬිල්ල වැඩි වුනා මිසක් අඩු වුනේ නම් නෑ.

"ඇයි රත්තරං මාව දාලා ගියේ?"
එහෙම ඇහුවේ දිනූ. දිනුකටත් ඇස් දෙකෙන් ගලන කඳුලු නවත්ත ගන්න පුලුවන් කමක් තිබුනේ නෑ.

දිනුක එක පාරටම දිනූ ව තුරුළු කර ගත්ත. දිනූට ටිකක් වෙලා ගියා මොකක්ද වුනේ කියලා තේරෙන්න. ඒත් ඒක නවත්වන්න එයාට ඕන කමක් තිබුනේ නෑ.




දිනුකගේ පපුවට මූන ඔබං ඉන්න කොට දිනූට මුලු ලෝකෙම අමතක වුනා.

"මම ඒ කාලේ මේක කිව්වෙ නෑ බබා ඔයාට. මම එදා හරිම අසරණ තත්වෙක හිටියේ. ඒත් අද එහෙම නෑ. ඔයාගේ තාත්තාගේ බල කිරීමට මම ඒ විදියට ඔයාගෙන් ඈත් වුනේ. මමත් හිතට එකඟව කරපු දෙයක් නෙමෙයි. මට ඒ වෙලාවේ කරන්න වෙන දෙයක් තිබුනේ නෑ. එදා ඔයාගේ තාත්තා මෑරයො දෙන්නෙක් එක්ක ඇවිත් මට තර්ජනය කරපු වෙලාවේ අපේ අම්මගේ මූණෙ තිබුන හෑඟීම විස්තර කරන්න මට වචන නෑ බබා"

දිනූට හිතාගන්න බැරි වුනා මොනවද මේ දිනුක කියන්නේ කියලා. දිනූ හීනෙන්වත් හිතුවෙ නෑ මේක තාත්තාගේ කුමන්ට්‍රනයක් කියලා.

------------------------------------------------------------------------------------------------------------

මේ අතර පණ්ඩුක මුතුමාන්නගේ කර්්‍යාලයට දුරකතන ඇමතුමක් ලැබෙයි.

"මචං, මම චිරා. අර උඹ මැරි කරන්න ඉන්න කුමාරිකාව මෙන්න ගල්කිස්ස බීච් එකේ කොල්ලෙක්ව බදාගෙන ඉන්නවා."

------------------------------------------------------------------------------------------------------------

පණ්ඩුක දිනූව හොයාගෙන බීච් එකට ඒවිද..දිනුක කිව්වෙ ඇත්තද..

අපි තවමත් අපේමද - 3 ළඟදීම..


8 comments:

  1. අප්පේ.. මේක ඇක්ශන් කතාවක් වගේ..හොඳයි හොඳයි..
    ජය වේවා!!
    තව ටිකක් කතාව දිගට දාන්ඩෝ..

    ReplyDelete
    Replies
    1. මේකේ ඇක්ෂන්, රෝමන්ස් හැමදේම තියෙනවා. තෑන්ක්ස් කමෙන්ට් එකට.

      ඊළඟ එක දිගට දාන්නම්..!

      Delete
  2. නියමයි නියමයි මි යාලු..ඔහොම ලියමුකො දිගටම..:)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කමෙන්ට් එකට. දිගටම ලියන්නම්..!

      Delete
  3. ඉතින් ඊට පස්සෙ?

    ReplyDelete
    Replies
    1. ඉතිං ඊට පස්සේ මොක්ද වුනේ කියලා ඉක්මනටම දාන්නම්.

      තෑන්ක්ස් කමෙන්ට් එකට..!

      Delete
  4. හපොයි මේක ඇක්ෂන් පැක්ඩ් අහවල් එක වෙන්න යන්නෙ. ඈ බං මීයො, අර උඩම පින්තූරෙ ඉන්න උන් දෙන්නගෙ ප්‍රේමය දෝරෙ ගලලාද අර කට්ටියම ඉන ලඟට ප්‍රේම ග‍ඟේ කිමිදිලා ඉන්නෙ? :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං කමෙන්ට් එකට.

      මේකේ ඇක්ෂන්, රෝමන්ස් හැම දේම තියෙනවා. ටික ටික එලියට එන්නෙ.

      ආලය අන්ධයි කියනව්නේ මචං..

      Delete