මී ගුලට රිංගපු අය

Tuesday, August 14, 2012

අම්මේ, කලුතර පාලමෙන් පහලට නේද අම්මලා ළමයි විසී කරන්නේ..?

මට හිතෙන හැටි බ්ලොග් එකේ 78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ post එක දැකලා තමයි මී පැටියට මේ කතාව මතක් වුනේ..
-------------------------------------------------------------------------------------------------------------


දිනය සෙනසුරදාවකි. මම සිමා පටන් ගත් මුල් අවදියයි.

ඒ කාලේ අපිට හැමදාම ක්ලාස් නෑ. සතිය දවස් තුනයි. වීක් එන්ඩ් එක නිවඩුයි. ක්ලාස් ගිය හැටියම අපේ ඉන්ස්ටිටියුට් එකේ රොටරි ක්ලබ් එකට ගියා. එකේ අපි කරපු මුල්ම ප්‍රොජෙක්ට් එක තමයි පපුවෙ හිලක් තිබුනු ළමයෙකුගෙ ඔපරේෂන් එකට සල්ලි එකතු කරලා දුන්නු එක. එකේ වැඩකට තමයි සෙනසුරාද කොළඹ ආවේ.

ඒ කාලේ මී පැටියා පන්ඩිතයා. මී පැටියාගේ තාත්තා කොච්චර කිව්වත් මී පැටියා නෙමෙයි කෝච්චියෙ ගියේ. (දැන්නම් කෝච්චියෙමයි මී පැටියාගේ ගමන )

ඒක නිසා එදත් දවල් 3 විතර මී පැටියා දෙහිවල හ0දියෙන් ගාල්ල බස් එකකට නැග්ගා. පිටිපස්සෙම සීට් එක විතරයි හිස් තිබුනෙ. මමත් වාඩි වුනා. මගේ වම් පැත්තෙ හිටියෙ අක්ක කෙනෙක්. දකුනු පැත්තෙ කොනේ අ0කල් කෙනෙක් ඩොයියගෙන හිටියෙ. දෙහිවල හ0දියෙන්ම නැගපු ඇන්ටි කෙනෙකුයි, ඒ ඇන්ටිගෙ වයස අවුරුදු 4, 5 විතර වෙන පුතයි මගේ දකුනු පැත්තෙන් වාඩි වුනා.

පානදුරේදි බස් එකට කඩල විකුනන මනුස්සයෙක් නැග්ගා. අර ඇන්ටි පොඩි ළමයට කඩල ගොට්ටක් අර0 දුන්නා. වැඩි වෙලා ගියේ නෑ, බස් එක ගැස්සිලා අර කඩල ගොට්ට බිම වැටුනා.

දැන් අර පොඩි එකා හොඳටම අඬනවා.

අම්මගේයි, පුතාගෙයි ස0වාදෙ තමයි මේ තියෙන්නේ..

"පුතා අඬන්න එපා. ඊළඟ කඩල අ0කල් නැග්ගහම මම පුතාට තව කඩල ගොට්ටක් අර0 දෙන්නම් කෝ."
"කොහෙදිද අම්මේ ඊළඟ කඩල අ0කල් නගින්නේ?"
"කලුතරදි පුතේ."
"අම්මේ, කලුතර කියන්නේ අර අම්මලා පාලමට උඩින් ළමයි ගඟට විසි කරන තැන නේද?"



බස් එකේ ඔය ස0වාදෙ අහුනු හැමෝම වගේ අර අම්මයි පුතයි දිහා බැලුවා. .. .. ..
------------------------------------------------------------------------------------------------------------

ඇත්තටම දැකපු සිද්දියක්. කමෙන්ට් එකකුත් දාලම යන්න..

19 comments:

  1. මී පැටියා. ඇහෙන දේ කොයි තරම් පොඩිහිටියන්ගෙ හිත් ඇතුලට කිඳා බහිනවද කියන එක තමයි වැඩිහිටියන්ට අමතක වෙන්නෙ.
    ස්තුතියි මී පැටියා මගේ පෝස්ට් එකට දාපු ලින්ක් එකට.
    ඒක නෙවෙයි මොකද මේ බින්දුව අකුර වෙනුවට බින්දුව ඉලක්කම පාවිච්චි කරන්නෙ? සිංග්‍රීසි යුනිකෝඩ් වල නම්
    බින්දුව = x.
    සිංදු = sixdhu

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව මචO. X අකුර ටයිප් කරහම Xමයි වදින්නෙ. ඒකයි බිOදුව ඉලක්කම පවිච්චි කරන්නේ.

      තෑන්ක්ස් මචO කමෙන්ට් එකට.

      ජය වේවා..!

      Delete
    2. පොඩ්ඩක් හිටපං මී පැටියා. මොකක්ද ඔය ප්‍රෝග්‍රැම් එක. සිංග්‍රීසි නෙවෙයිද? සිංග්‍රීසිවල තියෙන අයිකන් එක කහපාට පසුබිමක 'සි' යන්න. ඒක නෙවෙයිනම් මොකක්ද? ඕකට උත්තරයක් හොයලා දෙන්න පුලුවන්. ප්‍රෝග්‍රැම් එක කියාපං. එතකොට ඒකෙන් කොටන අනිත් උන් කියයි කොහොමද බින්දුව කොටන්නෙ කියලා.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. මී යාලු, Google Sinhalese Input Setup Install කරගන්න.එතකොට ලේසියි :)

      Delete
    4. @Dude : මම යූස් කරන්නේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ප්‍රෝග්‍රෑම් එක. සිOග්‍රීසි වල ලින්ක් එක එවපන්කො මම ගිහින් බලන්න.

      @හිරු හිමාවී : මම ඒකටත් ගියා. එකේ යුනිකෝඩ් සිස්ටම් එක වෙනස් නේද නෝර්මල් ඒවට වඩා?

      තෑන්ක්ස් කමෙන්ට්ස් වලට..!

      Delete
    5. http://singreesi.vndv.com/

      http://singreesi.vndv.com/download.htm

      සොරි බං දැක්කෙ නෑ කමෙන්ට් එක, ඕං එව්වා. මේක තමයි මම නම් පාවිච්චි කරන්නෙ. PDF එක කියවලා හිටියා නම් හරි.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    6. මම සිංග්‍රීසි යූස් කරා මචං. නවල් එකේ අලුත් චැප්ටර් එක ලිව්වෙ ඒකෙන්.

      තෑන්ක්ස් මචං මාව දැනුවත් කරාට ඒක ගැන..

      Delete
    7. / එක ගහලා n අකුර ගහපන්..

      Delete
    8. එහෙම හරියන්නේත් නෑ මචං. සිංග්‍රීසි එකේ X අකුරෙන් ං වදිනවා.

      තෑන්ක්ස් කමෙන්ට් එකට.

      Delete
  2. Replies
    1. මේ කන්වර්ටර් එක තමයි කවිකාරි මම දැනට යූස් කරන්නේ. මේකෙ බිOදුව ටයිප් කරන්නේ කොහොමද?

      තෑන්ක්ස් කමෙන්ට් එකට..!

      Delete
  3. අනේ මන්ද..පුංචි එකාටත් මතක් උන දේ....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කියන්නේ. හැම තැනදිම වැඩිහිටියොන්ට මතක් නොවෙන ඒවා පොඩි හිටියොන්ට මතක් වෙනවා.

      තැන්ක්ස් කමෙන්ට් එකට..!

      Delete
  4. කවුද මේ මී පැටිය කියල බලන්ඩයි මං ආවෙ....!! මම විජේසේකර යතුරු පුවරුව පාවිච්චි කරන නිසා ඔය කන්වර්ටර් ගැන නං මං දන්නෙ නෑ මී පැටියො... හැබැයි බින්දුව තියෙන්නෙ නං එක්ස් අකුරෙ තමයි මේකෙත්!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මී පැටියා බලන්න ආවට. දිගටම ඉන්න මී පැටියා එක්ක. :)

      මම සිංග්‍රීසි යූස් කරන්නේ දැන්. ඒකෙත් බිංදුව තියෙන්නේ X වලින්..

      තෑන්ක්ස් කමෙන්ට් එකට..!

      Delete
  5. පොඩ්ඩටත් හිතිලා තියන ඒවා...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කියන්නේ.

      තෑන්ක්ස් මේ පැත්තේ ආවට..!

      Delete
  6. හ්ම්ම් ඒක තමා කියන්නේ පුංචි එවුන්ගේ හිතට තමන් අහන දකින දෙවල් මොන තරම් දැනෙනවද බලපානවද කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව.

      තෑන්ක්ස් කමෙන්ට් එකට..!

      Delete