මී ගුලට රිංගපු අය

Friday, August 3, 2012

වයසට ගියත් නොමැරී සිටීමේ රහස.


මී පැටිටා අහපු කතාවක් මේක.
------------------------------------------------------------------------------------------------------------

එක ගමක වයස අවුරුදු 102ක් වෙන සීයා කෙනෙක් හිටියලු. හැබැයි ඔත්පලයිලු.

පොරත් වයස නිසා මීඩියා වලින් ගියාලු ඉන්ටර්වීව් කරන්න.

මිනිහගෙන් මීඩියා ළමිස්සී අහනවලු "මොකක්ද සීයේ මෙච්චර කල් ජීවත් වෙන රහස?"

සීයත් උත්තර දෙනවලු,
"මම දුවේ මස් මාලු කන්නේ නෑ..සිගරට අරක්කු කටේ තියන්නේ නෑ..බොහොම දාර්මික ජීවිතයක් තමයි ගත කරේ කියලා.."


එතකොටම වගේ තවත් වයසක මනුස්සයෙක් ආවලු මුට්ටියක් කර ගහගෙන. මිදුලෙ තිබුන කිතුලට නැග්ගලු.

මීඩියා ළමිස්සි ඇහුවලු "අර කවුද සීයේ අර" කියලා



සීයා ගත් කටටම කියාපී,
"කතා කරන්න එපා දුවේ ඔය පවු කාරයා ගැනනම්. ඔය මගේ සීයා. මහම පවු කාරයා. දවස තිස්සෙම කට ගොන්නක් බී ගෙන ඉන්නේ. තුන් වේලටම දඩ මස් ඕන. ගමේ හැම තැනම ගෑණූ. තු නොදොකින්" කියලා..


-----------------------------------------------------------------------------------------------------------

ඔන්න මේවා දැම්මට මොකද, මී පැටියනම් සුරාවෙන්, සූදුවෙන් තොරයි..




21 comments:

  1. ෂුවර් එකටම ලෝකල් බඩු පාවිච්චි කරනවා ඇත්තේ....

    ReplyDelete
    Replies
    1. අනිවා මච0.

      තෑන්ක්ස් පලවෙනි කමෙන්ට් එකට.

      Delete
    2. අයියෝ.. මම හිතුවෙ මම කියලයි පලවෙනියා.. :( හික්ස්ස්.. කමක් නෑ>> :D මම පලවෙනි ලිපියට කමෙන්ට් කල පලවෙනියා..

      Delete
    3. පලවෙනි ලිපියට මුලින්ම කමෙන්ට් කරේ ඔයා තමයි. බ්ලොග් එකේ දෙවෙනි කමෙන්ට් එකත් ඔයාගේ. තෑන්ක්ස්..

      Delete
  2. ඔන්න මාත් අහම්බෙන් වගේ මි පැටියා හොයාගෙන ආවා.....
    අපෝ ඔය මත් පැන් වලට මම තදින්ම විරුද්දයි.....:)
    එහෙනම් සීයාගේ සීයාගේ රහස ඕක වෙන්න ඇති...;)
    දිගටම ලියන්න යාලු... බ්ලොග් අවකාශයේ දිගු ගමනකට හවතින්ම සුභ පතනවා..!!!
    ජයෙන් ජය..!!!

    යාලු මේකේ තරහ නැතුව වර්ඩ් වර්ටිෆිකේෂන් අයින් කරමු එතකොට කොමෙන්ටුවක් දන්නා ලේසියි..:)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මී පැටියා හොයා ගෙන ආවට.

      මමත් ඔය සයිඩ් එකට වැඩිය නෑ. නමුත් සීයගේ සීයගේ රහසනම් ඕක වෙන්න ඕන.

      තෑන්ක්ස් කමෙන්ට් එකට සහ සුබ පැතුමට.

      වර්ඩ් වර්ටිෆිකේෂන් අයින් කරන්න බෑනේ. මම හිතන්නේ බ්ලොග් එක අලුත් නිසා ඒක එන්නේ.

      Delete
    2. මේ විදියටද බැලුවේ යාලු..?
      එක තියෙන්නේ dashbord එකේ Settings වල Comments කියන තැන Show word verification for comments? කියන තැන yes කියලා තියන එකට No කියන එක select කරලා setting save කරන්න......:)

      Delete
    3. අහා දැන් හරිනේ......:)

      Delete
    4. තෑන්ක්ස් මච0. දැන් ok නේද?

      Delete
  3. අපිත් ආවා ඕං...
    සීයගෙ සීයා මරු මෑන්නේ..
    ගම වටේම ගෑනු කිවුවා???
    (මචං කමෙන්ට් වල වර්ඩ් වේරිෆිකේෂන් අයිං කරහංකෝ..)

    ReplyDelete
    Replies
    1. අදහන්න වටින පොරක් නේද?

      ඒක අයින් කරන්න බෑ මච0. බ්ලොග් එක අලුත් නිසා ඒක එන්නෙ. ටික කාලයක් යනකොට අයින් වේවි මයෙ හිතේ. තෑන්ක්ස් කමෙන්ත් එකට.

      Delete
  4. මමත් ආවා මී පැටියා බලන්න.. මී පැටියා වගේ හිටියට හොඳ කතා දන්නවා නේ.. ජය වේවා.. දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි. පැටියා වුනාට මහ මීයා වගේ හැම තැනම ඇවිදිනවනේ..

      තෑන්ක්ස් කමෙන්ට් එකට. මී පැටියට කමෙන්ට්ස් වැටෙන තාක්කල් ලියන්න තමයි කල්පනාව..

      Delete
    2. කමෙන්ට්ස් වැටෙන කන් නෙවෙයි.. ඔයාට හිතෙන කාලයක් වෙනකන් ලියන්න.. කමෙන්ට්ස් බලාගෙන ලියන්න යන්න එපා.. ජය වේවා.

      Delete
    3. තෑන්ක්ස් ඇඩ්වයිස් එකට.

      ජය වේවා..!

      Delete
  5. මීයෙක් බලන්න මම ආවේ.
    දැක්ක නේ සුරව තියෙනවනම් ලෝන්ග් ලයිෆ්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අසරණයා මීයා බලන්න ආවට.

      ඇත්ත කතාව. ලෝන්ග් ලයිෆ්. ඒත් අර ගැමියා කිව්වා වගේ ලෝකල් බඩුම පාවිච්චි කරන්න ඕන.

      Delete
  6. මාත් ඉස්සෙල්ලා ඇවිත් කියවලා ගියා බීපු නැති වෙලාවක ඇවිත් කමෙන්ට් එකක් දාන්න කියලා. :D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. බීලා බ්ලොග් පැත්තෙ වැඩිය ඇවිදින්න එපා. දැන් පොලීසියෙන් අල්ලනවලු. මමත් හරියටම දන්නෙ නෑ, සහෘදයෙක් කිව්වේ..

      තෑන්ක්ස් කමෙන්ට් එකට.

      Delete
  7. ඔය උඩ ඉන්න ඩුඩ් කාරයා වගේ අපි නම් බොන්නෙ නෑ. ඉතින් මම අමද්‍යප කමෙන්ට් එකක් දාන්න යන්නෙ.

    ඔන්න පත්තර කාරයෙක් වයස්ගත පුද්ගලයෙක් ඉන්ටව්‍යූ කරනවලු අර මී පැටියා කිව්ව වගෙ." ඔබ ඔච්චර කල් ජීවත්වීමේ රහස මොකක්ද?" පත්තර කාරයා අහනවලු. "මම, බොන්නෙ නෑ, සිගරට් බොන්නෙ නෑ, එළවලු, පළාවර්ග තමයි කන්නෙ," පොර කිව්වලු. එතනම එහාපැත්තෙ හිටගෙන ඉන්නවලු මේ සීයගෙ වයසෙම පොරක් පොරක් සිගරට් එකකින් දුම් වලලු යව යව, බීම වීදුරුවකුත් අතේ තියාගෙන.

    පත්තර බුවාත් වැඩ ඇරිලා කෙලින්ම බාර් එකට යන එකා නිසා වහාම අර මිනිහට ලංවෙලා ඇහුවලු " සිගරට්, මත්පැන් බීලත් ඔබතුමා කොහොමද මෙච්චරකල් ජීවත් වුනේ?"

    "තමුසෙ මගුලක් කතා කරනවා. මට තාම තිහයි ඕයි"

    ඩෝප් කතාවක් මාත් ලිව්වා. මෙන්න මෙතන.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මගේ කතාවෙම ප්‍රතිලෝමය නේද? එදා ඉඳන් පත්තර බුවා බාර් එකට යන්න නැතුව ඇති මයෙ හිතේ..

      තෑන්ක්ස් කමෙන්ට් එකට..

      Delete