මී ගුලට රිංගපු අය

Wednesday, August 29, 2012

අප්පච්චී


තරියාගේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ සතියේ අප්පච්චී ටෙලිය බලනකොට තමයි මටත් පෝස්ට් කෑල්ලක් දාන්න හිතුනේ මේ ගැන.

මීට අවුරුදු 4කට විතර කලින් ඉරිදා දිවයින පත්තරේට මහාචාර්යවරයෙක් ලියලා තිබුනා ලංකාවේ ඉන්න කාලකන්නිම ගෑණු 7 දෙනා ගැන.

1. ප්‍රවීනා
2. කාව්‍යා
3. තුල්සී (මහගෙදර හිටපු )
4. ගෞතමී
5. නිලංජනා
6. හයවෙනි නම නම් මට මතක නෑ.
7. ඔය කතා 7ම නොවරදවාම බලන අපේ රටේ ගෑණු.

ඔය කතා ගියේ ගොඩාක් ඉස්සර නෙමෙයි. පහු ගිය අවුරුදු 5 ඇතුලත. ඒත් මම හිතන්නේ සමහර අයට ඔය සමහර කතා වල නමුත් අමතක ඇති.

ඒත් මීට අවුරුදු 10, 15 කලින් ගියපු දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වගේ කතා මිනිස්සුන්ට තාම මතක ඇති මයේ හිතේ.

ඒත් මේ දවස් වල ස්වර්ණවාහිනී යන අප්පච්චී ටෙලි ඩ්‍රාමා එකනම් හොඳ, ආදර්ශවත් ටෙලි ඩ්‍රාමා එකක්.


8 comments:

  1. කවුරු මොනවා කිවුවත් මං ෆලෝ කරන චරිතයක් තමා ජැක්සන් කියන්නේ..
    මනුස්සයගෙ තියෙන එකම අඩුපාඩුව මරාට අන්ලිමිටඩ් කඩේ යන එක විතරයි..

    ReplyDelete
    Replies
    1. මිනිහා ගරිල්ලා මර්කටින් එකේ කරපු චරිතෙ කොහොමද..?

      Delete
  2. Replies
    1. මේ සතියේ බැලුවද? බලලා කමෙන්ට් එකකුත් දාන්න හොඳද නරකද කියලා..

      Delete
  3. අපරාදෙ කියන්න බෑ මී පැටියා මම ඒ කාලකන්නෙ ගෑණු ඉන්න ටෙලි එකක් වත් බලලා නෑ ඔහෙ නැති නිසා.
    හැබැයි ආපු වෙලාවට දකිනවා මාර ටෙලි නාටය ගානක් ඔබලා තියෙනවා කියලා කලුවර වැ‍ටුනට පස්සෙ පෙන්නන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි මම ෆේස්බුකියේ ෆොටෝ එකක් දැක්කා අයි. ටී. එන්. දැම්මත් නෙහාරයි, අර මහත කොල්ලයි (නම මතක නෑ), සිරස දැම්මත් නෙහාරයි, අර මහත කොල්ලයි, ස්වර්ණවාහිනී දැම්මත් නෙහාරයි, අර මහත කොල්ලයි, දෙරන දැම්මත් නෙහාරයි, අර මහත කොල්ලයි.

      හැම චැනල් එකේම රෑ 7.30 ඉඳන් 9.30 විතර වෙනකම් එක දිගට ටෙලි ඩ්‍රාමාස් යනවා.

      Delete
  4. මට නම් ජැක්සන් එපා උනේ කුස පබාවතී නිසා.අපරාදේ ඒ මනුස්සය කලින් ඇතිකරන් හිටිය ප්‍රතිරුපය...අනේ මන්ද මම ඔය අප්පච්චි කියන එකේ පලවෙනි කොටස නම් බැලුවා.මෙලෙ දෙයක් තේරුනේ නෑ :(

    ReplyDelete
    Replies
    1. අප්පච්චි දැන් බලපන්කෝ. එකේ තියෙන්නේ අම්ම නැති ළමයි 4 දෙනෙක් බලා ගන්න තාත්තා කෙනෙක් දරන උත්සහයක් ගැන.

      Delete