මී ගුලට රිංගපු අය

Thursday, August 30, 2012

තනිපංගලමේ කොන්ඩේ අයන් කිරීම




ඉයේ රෑ මම ඔෆීස් එකේ ඉඳන් ගෙදර යද්දි කට්ටිය හංදිය හරියෙදි මගේ පර්සනල් මොබයිලය රින්ග් වුනා. නැලින්නම් මගේ යෙහෙලියක්. ගාල්ලේදි මීට් වෙච්ච දැන් මෙහේ බෝඩ් වෙලා ඉන්න එක්කෙනෙක්.

"ඔයා දන්නවද මේ වෙලාවට තිබිරිගස්යාය, නාරාහේන්පිට හරියේ ඇරලා තියෙන සැලෝන් එකක් ගැන? මම මේ තුම්මුල්ලේ ඉඳන් බලාගෙන එනවා. දිගටම වහලනේ."
වෙලාව 7 විතර ඇති.

"මොකටද මේ මහ රෑ හදිස්සියේ සැලෝන් එකක් හොයන්නේ?" මමත් නිකන් දැන ගැනීම පිනිස ඇහුවා.

"හෙට අපේ ෆිස් එකට **** එනවනේ. කැන්ඩියන් ඇඳලා කොන්ඩෙ උඩට කරලා බැඳලා යන්න ඕන. මම මේ කොන්ඩෙ අයන් කර ගන්න හදන්නේ."
"මගේ ගාව ස්ටීම් අයන් එකක් තියෙනවා. අයන් කරලා ඕනද?"
"එපා ඕන නෑ. මට කියන්නකෝ සැලෝන් එකක් මේ වෙලාවට කොහෙද ඇරල තියෙන්නේ කියලා"

මම දන්නේ නෑ තිබිරිගස්යාය, නාරාහේන්පිට හරියේ මේ වෙලාවට ඇරලා තියෙන සැලෝන්ස් ගැන. මම ඉතින් නුගේගොඩ, මහරගම, 7 කණුව හරියේ මේ වෙලාවට ඇරල තියෙන සලෝන්ස් ගැන කිව්වා.

"නාරාහෙන්පිට මම වෙනදට දකිනවා මේ වෙලාවට සැලෝන් එකක් ඇරල තියෙනවා. වුනාට එකේ තියෙන්නේ පිරිමි මූණක්. ඒකේ ලේඩීස් කරනවද කියලනම් දන්නේ නෑ. වජිර එකනම් මේ වෙලාවට ඇරලා. ඒත් ඒක තියෙන්නේ කිරුලපණ. මට ගෙදර යන්න වෙන්නේ රෑ 12 විතර තමයි."

"ඔයාට ඔය නාරාහේන්පිට සැලෝන් හොයන වෙලාවේ කිරුලපණ ආවනම් කොන්ඩේ අයන් කරගෙන යන්නත් තිබුනා."

"පොඩ්ඩක් ඉන්න."

වෙන කවුරුන් හෝ සමග කතා කරන හඬ ඇසේ.

"නාරාහේන්පිට සැලෝන් එකේ ලේඩීස් කරනවලු"
"කවුද කිව්වේ?"
"කවුරු හරි කිව්වනේ."
"දැන් යනවද එතනට?"
"දැන් මේ යන ගමන්."

ටික වේලාවකින්,

"මම මේ සැලෝන් එකේ ඉන්නේ. මෙතන කොල්ලෙක් ඉන්නේ."
"ගොඩක් සෙනඟ ඉන්නවද?"
"නෑ. දැන් මගේ කරන්නේ."
"කවුද ඔතන ඉන්නේ? තව කෙල්ලෝ ඉන්නවද?"
"එක අක්කා කෙනෙක් ඉන්නවා. එයත් දැන් යන්න හදන්නේ."
"එතකොට කව්ද ඉන්නේ?"
"මේ කොල්ලා විතරයි. මට බයයි. මම ඉවර වෙලා කෝල් කරන්නම්. එතකන් මාත් එක්ක ටෙක්ස්ට් කරනවඩ? ප්ලීස්"
"ඔකේ. මට ටෙක්ස්ට් කරන්නකෝ.?

"තව කොච්චර වෙලා යයිද ඕකට?"
"9වත් වෙයි ඉවර වෙනකොට."
"ගෙදර යන්නේ කොහොමද?"
"ට්රයිෂෝ එකක තමයි"

9 විතර.
"දැන් ඉවරද?"
"තව පැය භාගයක්වත් යයි. තාත්තා කතා කරලා මට බැන්නා හොඳටම. මාව කයි තාත්තා."
"කන්න ඕන තමයි. මාත් කනවා."
"ඇයි ?"
"තනි පංගලමේ කොන්ඩේ අයන් කරන්න ආවට. බෝයි ෆ්රෙන්ඩ්ට කිව්වේ නැද්ද?"
"එයාට කිව්වේ නෑ. කිව්වනම් මට බැණුම් අහන්න වෙනවනේ හොඳටම"

9.30 විතර,
"දැන් ඉවරයි."
"පේ කරාද?"
"ඔව්. මම දැන් ගෙදර යනවා. ගිහින් කෝල් කරන්නම්."

තව පැයකින් විතර,
"දැ වොෂ් දාගෙන ආවේ."
"මම වාතයක් වුනා නේද?"
" මොකද?"
"දිගටම කතා කර කර?"
"අනේ නෑ. තෑන්ක්ස් දිගටම කතා කර කර හිටියට."

හරි හුරතල් විදියට කිව්වේ. ඒත් ඉතින් අන්සතු මලක්නේ. මමත් අන්සතුයිනේ.

-----------------------------------------------------------------------------------------------------------

මදිවට මගේ හොඳම යෙහෙලිය ඊයේ උදේ බාත් රූම් එකේ ලිස්සලා වැටිලා ඔලුව වැදිලා. බහුතරයකගේ බාත් රූම් එකේ වැටුනහම ඇනෙන්නේ පස්සනේ.

මම එයාගෙන් කෝල් කරල ඇහුවා මාව මතකද කියලා. කල්පනා කරලා ඇහුවා වැද්දෙක් නේද කියලා මේ. කියන්නේ තාම මතකේ තියෙනවා.

------------------------------------------------------------------------------------------------------------

අපි තවමත් අපේමද නවල් එකේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්..

Wednesday, August 29, 2012

අප්පච්චී


තරියාගේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ සතියේ අප්පච්චී ටෙලිය බලනකොට තමයි මටත් පෝස්ට් කෑල්ලක් දාන්න හිතුනේ මේ ගැන.

මීට අවුරුදු 4කට විතර කලින් ඉරිදා දිවයින පත්තරේට මහාචාර්යවරයෙක් ලියලා තිබුනා ලංකාවේ ඉන්න කාලකන්නිම ගෑණු 7 දෙනා ගැන.

1. ප්‍රවීනා
2. කාව්‍යා
3. තුල්සී (මහගෙදර හිටපු )
4. ගෞතමී
5. නිලංජනා
6. හයවෙනි නම නම් මට මතක නෑ.
7. ඔය කතා 7ම නොවරදවාම බලන අපේ රටේ ගෑණු.

ඔය කතා ගියේ ගොඩාක් ඉස්සර නෙමෙයි. පහු ගිය අවුරුදු 5 ඇතුලත. ඒත් මම හිතන්නේ සමහර අයට ඔය සමහර කතා වල නමුත් අමතක ඇති.

ඒත් මීට අවුරුදු 10, 15 කලින් ගියපු දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා වගේ කතා මිනිස්සුන්ට තාම මතක ඇති මයේ හිතේ.

ඒත් මේ දවස් වල ස්වර්ණවාහිනී යන අප්පච්චී ටෙලි ඩ්‍රාමා එකනම් හොඳ, ආදර්ශවත් ටෙලි ඩ්‍රාමා එකක්.


Friday, August 24, 2012

වැස්ස දවස් නේ..චූ බර වැඩී..!


අදත් වැස්ස දවසක්නේ. ඒකයි මේ පෝස්ට් එකම දාන්න හිතුනේ.

අනිත් අයටත් එහෙමද මම දන්නේ නෑ. මී පැටියටනම් වැස්ස දවස් වලට චූ බර වැඩී. සීතලයි නේ. ඔෆීස් එකට ඇවිත් ඒසී එකේ ඉන්න කොට ඒ ගතිය තවත් වැඩී.

අද තව අවුලක්.
දෙහිවල හන්දියෙන් බස් එකෙන් බැහැල තියෙන වතුර වලකට. සපත්තු ඇතුලෙ වතුර. ඒක නිසා සපත්තු දෙකයි, මේස් දෙකයි වෙන වෙනම වේලෙන්න දැම්මා. මගේ ටේබල් එක ගාවම බිම දැම්මේ. (තාම ගඳ අවේ නෑ)

එක නිසා චූ බර වෙන හැම පාරම එහා ටේබල් එකේ ඉන්න ගැහැණු දරුවගේ සෙරෙප්පු දෙක ඉල්ලගෙන තමයි වොෂ් රූම් යන්නේ. (කෙල්ලෝ විතරක් ඉන්න, ඉන්න එකම කොල්ලා මම වෙන අපේ සෙක්ෂන් එකේ අනිත් හැම කෙල්ලෙක්ම දාන් එන්නේ හයි හීල්ස්. එහා ටේබල් එකේ ඉන්න දැරිවි ප්‍රෙග්නන්ට් නිසා ෆ්ලැට් දාන්නේ.)

බද්දෙවිතාන සර්ගේ ක්ලාස් එකේ චූ පෝලිම මතක් වෙන්නේ මේ වෙලාවට තමයි.

අපිට බද්දේවිතාන සර්ගේ ක්ලාස් තිබුනේ ඉරිදා උදේ. මහා සෙනගක් හිටියා ඒ ක්ලාස් එකට. බ්‍රේක් දෙන කොට සර් හැමදාම කියන කතාවක් තමයි "කොල්ලෝ, වතුර ටිකක් බීල විනාඩි දහයෙන් වරෙන්."

කොහේ විනාඩි දහයෙන් එන්නද. එලියට යනකොටම විනාඩි පහක් ඉවරයි. හැමදාම ඒ ක්ලාස් එකේ චූ පෝලිම. විනාඩි පහක්වත් පෝලිමේ ඉන්න ඕන චූ දාන්න. වැහි දවස් වලට ඕක ඩබල්. එලියේ ඉඳන් පෝලිම. මොනවා කරන්නද. ඉවස ගෙන පෝලිමේ ඉඳල කොහොම හරි චූ දාලම ක්ලාස් එකට යනවා.



මේත් එක්කම තව සිද්දියක් මතක් වුනා. මේකත් මම ඒ ලෙවල් කරන කාලේ වෙච්ච දෙයක්. අපි ශුද්ද ගණිතය ක්ලාස් ගියේ අජිත් ජාගොඩ සර් ගාවට. සදර්න් එකේ තමයි ක්ලාස් තිබුනේ.

අපේ එක්සෑම් ළං වෙන කොට ඉස්කෝලේ වෙලාවෙත් ක්ලාස් දැම්මා. ඔහොම එක දවසක හොඳටම වැස්ස. අපි ක්ලාස් එක ඇතුලෙ. අපේ ක්ලාස් එක තිබුනේ උඩ තට්‍ටුවේ. (සදර්න් එකට ගිහින් තියෙන අය දන්නවා ඇති උඩ තට්‍ටුවෙ එක ලඟ හෝල්ස් දෙකක් තිබුනා. එතනින් ලොකු එකේ තමයි අපේ ක්ලාස් එක තිබුනේ. එහා පැත්තෙ එදා ක්ලස් එකක් තිබුනේ නෑ.)

බද්දෙවිතාන සර් ක්ලාස් කරන ලොකු හෝල් එකේ පොලිටිකල් ක්ලාස් එකක් තිබුනා.

අපිට දවල් 11 විතර බ්‍රේක් එකක් දෙනවා. 11 කිට්තු වෙන කොට අයින් වල ඉන්න අය අතින් මොකක්ද එකක් පෙන්නනවා. සරුත් පොඩ්ඩක් එහාට ගියා ලැබුනු අවසරයෙන් අපිත් අයිනට ගිහින් බැලුවා. දැක්ක දෙයින් අපේ ඇඟ කිලි පොලා ගියා..පල්ලෙහා මිනිහෙකුගේ ඉන ගාවට විතර වතුර.


පොලිටිකල් ක්ලාස් එකේ සර් එකේ ඉන්න පොඩි ගෑණු ළමයින්ව අතින් අල්ලලා මේ පැත්තට ගෙනත් දානවා. (ඒ ක්ලාස් එක තිබුනේ පල්ලෙහා තට්‍ටුවේ.)

අපිත් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. වැස්ස නිසා චු බරත් වැඩී. බ්‍රේක් දෙනකන් බලන් හිටියේ ටොයිලට් යන්න. නිකමට වගේ ගිහින් බැලුව උඩ තට්‍ටුවේ ඉඳන්ම ටොයිලට් එක දිහා. අම්මට සිරි, ටොයිලට් එකේ වහල විතරයි පේන්නේ. තව වෙලා හිටියනම් චූ යනවා. මමත් එක්ක හිටියේ මගේ අති ජාත මිත්‍රයා. මගේ ඕන දෙයකට එන එකෙක්.

වැඩිය හිත හිත හිටියෙ නෑ. බැස්සා එහා පැත්තේ හෝල් එකේ ස්ලැබ් එකට. දැම්ම චූ පහල තියෙන ගං වතුරට.

පස්සෙ තමයි හිතුනේ වැ‍ටුනනම් එහෙම පීනලා තමයි ගෙදර යන්න වෙන්නේ කියලා.

මේක ලියා ගෙන යන කොට පොඩි මෑන්ගේ මේ කතාවත් මතක් වුනා.

Monday, August 20, 2012

අපි තවමත් අපේමද - 2


කලින් කොටහ කියෙව්වෙ නෑති අය මෙතනින් ගිහින් කියවලා එන්න..

--------------------------------------------------------------------------------------------------------------

දිනුක, දිනූ දෙන්නම ගල් වෙලා වගේ එකිනේකාගේ ඇස් දිහා බලාගෙන හිටියා. දෙන්නටම මතක් වුනේ නැ මොනවද වෙන්නේ, කොහෙද මේ ඉන්නේ කියන එක.

"අඬන්න එපා රත්තරං. ඇස් පිහදා ගන්න."
මුලින්ම හඬ අවදි කරේ දිනුක. දිනුක දිනූගේ ඇස් පිහදැම්මා. ඉස්සර වගේම. දිනූගේ ඇඬිල්ල වැඩි වුනා මිසක් අඩු වුනේ නම් නෑ.

"ඇයි රත්තරං මාව දාලා ගියේ?"
එහෙම ඇහුවේ දිනූ. දිනුකටත් ඇස් දෙකෙන් ගලන කඳුලු නවත්ත ගන්න පුලුවන් කමක් තිබුනේ නෑ.

දිනුක එක පාරටම දිනූ ව තුරුළු කර ගත්ත. දිනූට ටිකක් වෙලා ගියා මොකක්ද වුනේ කියලා තේරෙන්න. ඒත් ඒක නවත්වන්න එයාට ඕන කමක් තිබුනේ නෑ.




දිනුකගේ පපුවට මූන ඔබං ඉන්න කොට දිනූට මුලු ලෝකෙම අමතක වුනා.

"මම ඒ කාලේ මේක කිව්වෙ නෑ බබා ඔයාට. මම එදා හරිම අසරණ තත්වෙක හිටියේ. ඒත් අද එහෙම නෑ. ඔයාගේ තාත්තාගේ බල කිරීමට මම ඒ විදියට ඔයාගෙන් ඈත් වුනේ. මමත් හිතට එකඟව කරපු දෙයක් නෙමෙයි. මට ඒ වෙලාවේ කරන්න වෙන දෙයක් තිබුනේ නෑ. එදා ඔයාගේ තාත්තා මෑරයො දෙන්නෙක් එක්ක ඇවිත් මට තර්ජනය කරපු වෙලාවේ අපේ අම්මගේ මූණෙ තිබුන හෑඟීම විස්තර කරන්න මට වචන නෑ බබා"

දිනූට හිතාගන්න බැරි වුනා මොනවද මේ දිනුක කියන්නේ කියලා. දිනූ හීනෙන්වත් හිතුවෙ නෑ මේක තාත්තාගේ කුමන්ට්‍රනයක් කියලා.

------------------------------------------------------------------------------------------------------------

මේ අතර පණ්ඩුක මුතුමාන්නගේ කර්්‍යාලයට දුරකතන ඇමතුමක් ලැබෙයි.

"මචං, මම චිරා. අර උඹ මැරි කරන්න ඉන්න කුමාරිකාව මෙන්න ගල්කිස්ස බීච් එකේ කොල්ලෙක්ව බදාගෙන ඉන්නවා."

------------------------------------------------------------------------------------------------------------

පණ්ඩුක දිනූව හොයාගෙන බීච් එකට ඒවිද..දිනුක කිව්වෙ ඇත්තද..

අපි තවමත් අපේමද - 3 ළඟදීම..


Tuesday, August 14, 2012

අම්මේ, කලුතර පාලමෙන් පහලට නේද අම්මලා ළමයි විසී කරන්නේ..?

මට හිතෙන හැටි බ්ලොග් එකේ 78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ post එක දැකලා තමයි මී පැටියට මේ කතාව මතක් වුනේ..
-------------------------------------------------------------------------------------------------------------


දිනය සෙනසුරදාවකි. මම සිමා පටන් ගත් මුල් අවදියයි.

ඒ කාලේ අපිට හැමදාම ක්ලාස් නෑ. සතිය දවස් තුනයි. වීක් එන්ඩ් එක නිවඩුයි. ක්ලාස් ගිය හැටියම අපේ ඉන්ස්ටිටියුට් එකේ රොටරි ක්ලබ් එකට ගියා. එකේ අපි කරපු මුල්ම ප්‍රොජෙක්ට් එක තමයි පපුවෙ හිලක් තිබුනු ළමයෙකුගෙ ඔපරේෂන් එකට සල්ලි එකතු කරලා දුන්නු එක. එකේ වැඩකට තමයි සෙනසුරාද කොළඹ ආවේ.

ඒ කාලේ මී පැටියා පන්ඩිතයා. මී පැටියාගේ තාත්තා කොච්චර කිව්වත් මී පැටියා නෙමෙයි කෝච්චියෙ ගියේ. (දැන්නම් කෝච්චියෙමයි මී පැටියාගේ ගමන )

ඒක නිසා එදත් දවල් 3 විතර මී පැටියා දෙහිවල හ0දියෙන් ගාල්ල බස් එකකට නැග්ගා. පිටිපස්සෙම සීට් එක විතරයි හිස් තිබුනෙ. මමත් වාඩි වුනා. මගේ වම් පැත්තෙ හිටියෙ අක්ක කෙනෙක්. දකුනු පැත්තෙ කොනේ අ0කල් කෙනෙක් ඩොයියගෙන හිටියෙ. දෙහිවල හ0දියෙන්ම නැගපු ඇන්ටි කෙනෙකුයි, ඒ ඇන්ටිගෙ වයස අවුරුදු 4, 5 විතර වෙන පුතයි මගේ දකුනු පැත්තෙන් වාඩි වුනා.

පානදුරේදි බස් එකට කඩල විකුනන මනුස්සයෙක් නැග්ගා. අර ඇන්ටි පොඩි ළමයට කඩල ගොට්ටක් අර0 දුන්නා. වැඩි වෙලා ගියේ නෑ, බස් එක ගැස්සිලා අර කඩල ගොට්ට බිම වැටුනා.

දැන් අර පොඩි එකා හොඳටම අඬනවා.

අම්මගේයි, පුතාගෙයි ස0වාදෙ තමයි මේ තියෙන්නේ..

"පුතා අඬන්න එපා. ඊළඟ කඩල අ0කල් නැග්ගහම මම පුතාට තව කඩල ගොට්ටක් අර0 දෙන්නම් කෝ."
"කොහෙදිද අම්මේ ඊළඟ කඩල අ0කල් නගින්නේ?"
"කලුතරදි පුතේ."
"අම්මේ, කලුතර කියන්නේ අර අම්මලා පාලමට උඩින් ළමයි ගඟට විසි කරන තැන නේද?"



බස් එකේ ඔය ස0වාදෙ අහුනු හැමෝම වගේ අර අම්මයි පුතයි දිහා බැලුවා. .. .. ..
------------------------------------------------------------------------------------------------------------

ඇත්තටම දැකපු සිද්දියක්. කමෙන්ට් එකකුත් දාලම යන්න..

Wednesday, August 8, 2012

අපි තවමත් අපේමද - 1


නුගේගොඩ නෝ ලිමිට් එකේ වෙනදට වඩා වැඩි සෙනගක් හිටියා. මම ඇඳුම් තෝරමින් හිටිය රැක් එකට රැක්ස් තුනක් එහා හිටපු කෙනාව අඳුර ගන්න මට අමාරු වුනේ නෑ. දිනුක. අවුරුදු කීයකට පස්සෙද? ඔයානම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ රත්තර0. පොඩ්ඩක් මහත් වෙලා. එච්චරයි.

අපි දෙන්න ගැන හොඳටම දන්නෙ ගාල්ල ටවුන් එක. ඔයාට මතකද දවසක් ඔයාට උඩයකාන්ත සර්ගේ හෝම් වර්ක් කරන්න බැරි වුන නිසා ක්ලාස් යන්න බෑ කියලා SMS එකක් එවපු දවසෙ බද්දෙවිතාන සර්ගෙ ක්ලාස් එකෙන් කලින් එන්න ගිහින් තව පොඩ්ඩෙන් සර්ට අහු වෙනවා. මගේ යාලුවො එපයි කියද්දි මම ඔයත් එක්ක කී දවසක් නම් ලව් ලේන් එකට පවා ගියාද. එක දවසක් පොලීසියට අහු වෙන්න ගිහින් බේරුනේ අනූ නවයෙන්. ඒත් ඔයා කොහොමද රත්තර0 මගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයාගෙන් ඈත් වෙන්න කිව්වේ?

මම තව මාස තුනකින් අනුන්ගෙ වෙනවා. ඔයත් දැන් අනුන්ගේ වෙලා ඇති රත්තර0.

අනේ ඔයා මාව දැක්කා නේද? ඇයි රත්තර0 ඔයා මගේ පැත්තට එන්නේ? මාව මෙතනම අඬවන්නද හදන්නේ?




"දිනූ, පැටියෝ ඔයා?"
ඒ දිනුකගේ කටහඬ. එදා වගේමයි. ආදරේ පිරිලා තියෙනවා.

"විනූෂී, මේ දිනුක. මම ඔයාට කියල තියෙන්නේ"
මම දිනුකව විනූෂිට අඳුන්වල දුන්නා.

මගේ ඇස් දෙකෙන් කඳුලු වැස්සක් වැටෙන්න වගේ. විනූෂී එහෙම්මම මාවත් ඇදගෙන නෝ ලිමිට් එකෙන් එලියට දිව්වා.
දිනුකත් අපෙ පස්සෙන්ම ආවා. විනූෂී ඇවිත කෙලින්ම නැග්ගේ 183 බස් එකකට. අපි දෙන්නම එකම සීට් එකේ වාඩි වුනත් වචනයක්වත් කතා කරේ නෑ. වචනයක්වත්. ගල්කිස්ස බීච් එකට යනකම්ම වචනයක්වත් කතා කරේ නෑ.



බීච් එකේදි මුලින්ම හඬ අවදි කරේ විනූශි.
"එතන හිටියනම් දිනූ උඹ ඉකි ගගහ අඬනවා. ඒකයි බලෙන්ම වගේ මෙතනට ඇදගෙන ආවේ. මම ඈතට වෙලා ඉන්නම්. උඹල දෙන්නා කතා කරප0."
"දිනූ තව මාස දෙකකින් මැරි කරනවා. පරිස්සමින්" විනූශි ඒ කිව්වේ දිනුකට.


එහෙම කියපු වීනූෂී ඈතට ගියා, අපි දෙන්නව තනි කරලා.

පවුලේ එකම ළමයා වුන මට වීනූෂී කියන්නේ යෙහෙලියකටත් වඩා මගේම සහෝදරියක්. ජීවිත කාලේ මට හම්බවෙච්ච හොඳම යාලුවා.




------------------------------------------------------------------------------------------------------------


මී පැටියාගේ පලවෙනි නවල් එක. ඊයෙ රෑ කෙටි කතාවක් ලියන්න ගත්තෙ. පස්සෙ හිතුනා දිනූගෙයි, දිනුකගෙයි ආදරයට කෙටි කතාවක් මදි කියලා. මේකෙ ඉතුරු ටික ඉක්මනටම දාන්නම්.

බලමු මොනව වෙයිද කියලා. දිනූ දිනුක එක්ක කතා කරයිද..ඇයි දිනුක දිනූව අත ඇරල තියෙන්නේ..

කමෙන්ට් එකක් දාල මී පැටියව දිරිමත් කරලා යන්න..

Friday, August 3, 2012

වයසට ගියත් නොමැරී සිටීමේ රහස.


මී පැටිටා අහපු කතාවක් මේක.
------------------------------------------------------------------------------------------------------------

එක ගමක වයස අවුරුදු 102ක් වෙන සීයා කෙනෙක් හිටියලු. හැබැයි ඔත්පලයිලු.

පොරත් වයස නිසා මීඩියා වලින් ගියාලු ඉන්ටර්වීව් කරන්න.

මිනිහගෙන් මීඩියා ළමිස්සී අහනවලු "මොකක්ද සීයේ මෙච්චර කල් ජීවත් වෙන රහස?"

සීයත් උත්තර දෙනවලු,
"මම දුවේ මස් මාලු කන්නේ නෑ..සිගරට අරක්කු කටේ තියන්නේ නෑ..බොහොම දාර්මික ජීවිතයක් තමයි ගත කරේ කියලා.."


එතකොටම වගේ තවත් වයසක මනුස්සයෙක් ආවලු මුට්ටියක් කර ගහගෙන. මිදුලෙ තිබුන කිතුලට නැග්ගලු.

මීඩියා ළමිස්සි ඇහුවලු "අර කවුද සීයේ අර" කියලා



සීයා ගත් කටටම කියාපී,
"කතා කරන්න එපා දුවේ ඔය පවු කාරයා ගැනනම්. ඔය මගේ සීයා. මහම පවු කාරයා. දවස තිස්සෙම කට ගොන්නක් බී ගෙන ඉන්නේ. තුන් වේලටම දඩ මස් ඕන. ගමේ හැම තැනම ගෑණූ. තු නොදොකින්" කියලා..


-----------------------------------------------------------------------------------------------------------

ඔන්න මේවා දැම්මට මොකද, මී පැටියනම් සුරාවෙන්, සූදුවෙන් තොරයි..




තනි කමේ ගීතය..




නිහඬ ඟ0 තෙර බලා සිටියෙමි
කෙනෙකු එනතුරු

ගෙවී ගියමුත් දින සති විගහට
නොපැමිනියෙ ඔබ මා වෙත

කුමක් කරම්දැයි නොමැත මා වෙත
පසක් වූයේ එදවස

තවම මා එහි බලා ඉන්නවා
ඔබ ඒවි යයි සිතාන..



වැසිද වැටුනා හිරුද ඇහුවා
ඇයිද ඔබ මෙහි යයි කියා

කෙසේ දෙන්නද මෙමා පිලිතුරු
ඔබ තවම නාවා කියා

ඇයිද නාවේ මෙමා මා වෙත
මගේ පැතුමන් සලකලා


තවම මා එහි බලා ඉන්නවා
ඔබ ඒවි යයි සිත සිතා..


මී පැටියා



හායි හැමෝටම,

මම තමයි මී පැටියා. මම බ්ලොගින් වලට අලුත්. මොකක් හරි වෙනස් දෙයක් කරන්න තමයි ෆුල් ට්‍රයි එක දෙන්නෙ.



මෙතන ඉඳන් දිගටම මගේ පෝස්ට්ස් වල තියෙන්නෙ මම අහපු දැක්පු, කියපු කරපු සහ ගොතපුවා.

මී පැටියට ජය වේවා...!